උගන්ඩාවේ සඟවා ඇතැයි කියු ඩොලර් බිලියන 18ක මුදල මෙරටට ගෙන ඒමට සුදුසුම මොහොත කුණාටුවකට මුහුණපා ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී ඇති මේ අවස්ථාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
එම මුදල ගෙන එන්නේ නම් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය විසඳාගත හැකි වනු ඇතැයිද ඔහු කියා සිටියි.
මේ සඳහා තම සහාය අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් සිය කැමැත්ත ලබා දීමට සූදානම් බවත් එම සියලු මුදල් රට ගොඩනැඟීමට රජයට ලබා දෙන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරයි.

