ඇමෙරිකානු පුරවැසිකම ඩොලර් මිලියනයකට අලෙවි වේ

ඇමෙරිකානු පුරවැසිකම ඩොලර් මිලියනයකට අලෙවි වේ

ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා නමින් නවතම වීසා ක්‍රමයක් හරහා ග්‍රීන්කාඩ් ලට වඩා ශක්තිමත් හා වරප්‍රසාද සහිතව ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගැනීමේ ක්‍රමයක් හදුන්වාදීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන තිබේ.

trumpcard.gov හරහා මේ සදහා ලියාපදිංචි විය හැකි අතර ඒ සදහා ඩොලර් 15,000 ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රු ලක්ෂ 46 ක්) අය කෙරේ. අනතුරුව සිදුකරන සම්මුඛ පරීක්ෂණය හා අයදුම්කරුගේ පසුබිම සොයා බැලීමෙන් පසුව ඩොලර් මිලියනයක මුදලක් (රු කෝටි 31 ක්) ඇමෙරිකානු රජයට ගෙවීමෙන් පසු මෙම ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් අයිතිවාසිකම ලැබේ.

මේ වනවිට 11,000 කට අධික පිරිසක් ලියාපදිංචිය ලබා ඇති අතර එය නුදුරු අනාගතයේ දී 25,000 ට ආසන්න වනු ඇති බවට අනුමාන කෙරේ.

 ලොව අධික මුදල් සහිත පිරිස් ඇමෙරිකාවට ඇදගැනීම හා ඔවුන්ගේ මුදල් එරට තුළ ආයෝජනයට දිරි ගන්වා ඇමෙරිකානු ආර්ථිකය තවත් ශක්තිමත් කිරීම මෙම ක්‍රියාවලයේ අරමුණ බව පැවසේ.

තවද ඇමෙරිකානු සමාගමකට විශේෂ විදෙස් සේවකයෙකු බදවා ගැනීමට අවශ්‍ය නම් රජයට ඩො මිලියන 02 ක් ගෙවීමෙන් ඒ සදහා ඉතා පහසුවෙන් ඉඩ ප්‍රස්තා විවර කරගැනීමේ ක්‍රමයක් ද හදුන්වාද තිබේ.

 


(අශෝක ජයතුංග)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න