ලෝකප්‍රකට කොරියානු රූපලාවණ්‍ය කලාව (K-Beauty) පිළිබඳ වෘත්තීය දැනුම ලබාගනිමින් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයකු වීමට සිහින දකින ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට දැන් ඒ සඳහා මහඟු අවස්ථාවක් උදාවී තිබේ.
කොරියාවට ගොස් එහි රැකියාවක නිරතව සිටින අතර ම මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබාදීම මෙහි ඇති විශේෂත්වය යි.
ශ්‍රී ලංකාවේ IUSL මණ්ඩපය (IUSL Campus Sri Lanka) හරහා දකුණු කොරියාවේ කීර්තිමත් යෙවොන් කලා විශ්වවිද්‍යාලය (Yewon Arts University) විසින් මෙහෙයවනු ලබන රූපලාවණ්‍ය නිර්මාණ උපාධි පාඨමාලා දැන් එරටේ දී ම හැදෑරීමේ හැකියාව පවතී.
රූපලාවන්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ඇති උනන්දුව සහ ඇල්ම ලෝක මට්ටමේ වෘත්තියක් දක්වා පරිවර්තනය කර ගැනීමට මෙම වැඩසටහන මගින් මෙරට තරුණ තරුණියන්ට මග පෙන්වනු ලබයි. මෙහි දී ප්‍රධාන වශයෙන් පහත සඳහන් පාඨමාලා පිරිනමයි.
රූපලාවණ්‍ය නිර්මාණකරණය පිළිබඳ සිව් අවුරුදු උපාධි පාඨමාලාව (Bachelor's Program in Beauty Design).
රූපලාවණ්‍ය නිර්මාණකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව (Master's Program in Beauty Design).
2026 සහ 2027 වර්ෂ සඳහා දැන් සිසුන් ඇතුළත් කිරීම් ආරම්භ කර ඇති අතර, මේ සඳහා පවතින්නේ සීමිත ආසන සංඛ්‍යාවක් බැවින් ප්‍රමාද නොවී අද ම ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නා ලෙස සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා පහත ලිපිනයට හෝ දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි ය.
IUSL CAMPUS SRI LANKA, අංක 123, 3වන මහල, අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07.
දුරකථන අංක. 0705 999 555 | 0701 000 133.
ජේ. මුණසිංහ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
