Forbidden Love of a Buddhist Monk කෘතිය ''කසිණ'' මැයෙන් සිනමාවට

Forbidden Love of a Buddhist Monk කෘතිය ''කසිණ'' මැයෙන් සිනමාවට

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ කොළඹ ජාත්‍යන්තර ආධ්‍යාත්මික පදනමේ ප්‍රධාන භාවනා කම්මට්ඨානාචාර්‍යයන් වහන්සේ ලෙස කටයුතු කරන පානදුරේ ආනන්ද හිමි  විසින් රචිත Forbidden Love of a Buddhist Monk නැමැති කෘතිය මෙම කෘතිය හැඟීම් නිසා ඇතිවෙන සිත් පීඩා, තමා තුළින්ම ජීවිතාවබෝධය ඇති කරගෙන නිදහස් වන ප්‍රායෝගික ආකාරය ජනගත කිරීම සඳහා ලියන ලද්දකි.

එහි කර්තෘන් වහන්සේ ගේ ස්වයං ලිඛිත චරිතාපදානය ඇතුළු  පෙර ජීවිත තුනක කතාන්දර ද, අධ්‍යාත්මික පිබිදීම සහ භාවනාවේ ප්‍රායෝගික භාවිතය ඉස්මතු කර ඇත.එම කෘතිය පදනම් කරගනිමින් බුද්ධ දර්ශනයත් එම දර්ශනයේ පවතින්නා වූ ආස්වාද, ආදීනව, නිස්සරණ සංකල්පයක් ඉස්මතු කරමින් "කසිණ" නමින් සිනමා පටයක් නිෂ්පාදයන කිරීමට කොළඹ ජාත්‍යන්තර අධ්‍යාත්මික පදනම තීරණය කර ඇත.

 මෙම "කසිණ" සිනමා පටයේ ප්‍රධාන නිළිය ලෙස ශ්‍රී ලංකාවේ තිරගතවු ශ්‍රී සම්බුද්ධ ගෞතම ඉන්දියානු ටෙලි නාට්‍යයේ යශෝධරා චරිතයට පණ පෙවූ බොලිවුඩ් නිළි කාජල් උර්මිලා ජේන් මෙහි ප්‍රධාන ස්ත්‍රී චරිතය නිරූපණය කරන අතර ඇය බොලිවුඩ් ටෙලිනාට්‍යවල මෙන්ම බොලිවුඩ් චිත්‍රපට කිහිපයක ම රංගනයෙන් දායක වී ඇත.

ඉන්දියාවේ ද රූගත කිරීම්

මිනිසුන්ගේ හදවත් තුළ පවතින ප්‍රශ්න, මානසික වේදනාවන් සංසිඳව ගන්නේ කෙසේ ද, ඒ සඳහා භාවනාව යොදා ගන්නේ කෙසේ ද, ආදී සාමාජීය ගැටලු රැසකට පිළිතුරු සපයන මෙම නිර්මාණය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේදීත් රූගත කිරීමට බලාපොරොත්තු වේ.

 බෞද්ධ දර්ශනයේ ගැඹුරු අවබෝධාත්ම, ප්‍රායෝගික පැතිකඩ කිසිදා ඇසීමට නොලැබෙන පිරිසකට, මෙම උතුම් දර්ශනය රැගෙන යාම මෙම සිනමා නිර්මාණයෙන් අපේක්ෂා කරයි.

මෙහි දී අනුශාසනා කළ පානදුරේ  ආනන්ද හිමියෝ...

සිනමා නිර්මාණයෙන් බලාපොරොත්තුවන දෑ

''මේක ඉතා වටිනාකෘතියක්. මෙයින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළොත් කොයිතරම් වටිනවා ද කියලා අපිට හිතුණා. ආචාර්ය ඒකදිර වන්නි ආරච්චි මහත්මයා  සමග අත්වැල් බැඳගෙන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරනු ලබනවා. මෙම කෘතිය අලළා චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලෝකයේ බහුතරයක් මිනිසුන් ජීවත් වෙන්නේ හැඟීම් නිසා දුකට පත්වෙමින්. යම් කෙනෙක් තමන් විසින් ම කොහොමද මේ හැඟීම් නිසා ඇතිවෙන දුකින් ජයගන්නේ කොහොමද කියල අපි දේශනා වල කියනවා. භාවනාවල උගන්වනවා. භාවනා කරන්නේ ඉතාමත් සීමිත පිරිසක්. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව බුදු දහමේ මූලික හරයවත් අහන්න  නොලැබෙන පිරිසකට ගෙන යෑමයි මෙම සිනමා කෘතියේ බලාපොරොත්තු වෙන්නේ.

භාවනාව සිනමා කෘතියක් ලෙස

ලංකාවේ බෞද්ධ සිනමා ඕන තරම් ඇතිවෙලා තිබෙනවා.බෞද්ධ සාහිත්‍ය හෝ ඉතිහාසය පිළිබඳවයි ඒවා නිර්මාණය වුණේ. බුදු දහමේ ගැඹුරු අර්ථය සමාජයට එන්න හිතලවත් නැහැ. භාවනාව සිනමා කෘතියක් හරහා එළියට ලබාදීමයි අපේ බලාපොරොත්තුව. රසවින්දනයක් එකතු කරන අතරම කෘතිය අවසානයේ බුදු දහමේ මූලික සංකල්ප  පාඨකයා අතරට රැගෙන යනවා. අපි යම් දෙයක් ලබා ගන්න කලින් අපිට මානසිකව තියෙන රසවින්දනය යථාර්ථයේ දී නැතිකම , හැම කාම වස්තුවක්ම ආසාවක්ම මිරිඟුවක් වගේ. අපි ලබා ගත්තට පස්සේ ඇති දෙයක් නැහැ. මේකයි ස්වභාවය. අපි කරන ගොඩක් දේවල් අවසානයේ මහන්සියක් විතරයි. හිතන තරම් සතුටක් ලැබෙන්නෙ නැහැ. තමන්ගේ ඇඟවත් තමන්ට පාලනය කරන්න බැරි තමන්ගේ සිතුවිලි තමන්ට පාලනය කරන්න බැරුව තියෙද්දි තමන්ට තමන් ගැන ප්‍රශ්නාර්ථයක් ඇති කරමින් ආදරය පිළිබඳව කර්මය පිළිබඳ ජීවිතය පිළිබඳ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරමින් තමයි මෙම කෘතිය අවසාන වන්නේ. මෙම චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් හඬකවලා ජාත්‍යන්තරව මුදා හරින්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව බුදු දහමේ ගැඹුරු හරය ලෝකය පුරා චිත්‍රපටියක් හරහා මුදා හැරීමයි අපේ බලාපොරොත්තුව.''

''කසිණ'' සිනමා නිර්මාණයේ සම නිෂ්පාදක ආචාර්ය ඒක දීර වන්නි ආරච්චිගේ...

බුද්ධ දර්ශනයේ පැවැත්ම සහ ව්‍යාප්තිය අත්‍යවශ්‍යයි

''මේ සිනමා නිර්මාණය කිරීමේ අරමුණ වන්නේ චිත්‍රපටයකට බණකට එහා ගිය සමාජ සත්කාරයක ආරම්භක පරිච්ඡේදයක් ලෙස යි. බුද්ධ දර්ශනය අවම වශයෙන් කුරා කුහුඹුවේකුටවටවත් හානියක් කරන්න ඉඩ නොදෙන බොහොම අවිහිංසාවාදී දර්ශනයක්. මේ බුද්ධ දර්ශනයේ පැවැත්ම භූමිය තුළ අපේ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට පවත්වාගෙන යෑම අප මේ යුගයේ තරුණ පරම්පරාව විදියට අපට අපේ දෙමාපියන් ගෙන් මුතුන් මිත්තන් ගෙන් ලැබුණු වගකීම යි. වෙනදටත් වැඩිය මේ අවස්ථාවේ බුද්ධ දර්ශනයේ පැවැත්ම සහ ව්‍යාප්තිය අත්‍යවශ්‍යයි. අපිට ගිහිල්ලා එක බණක් කිව්වොත් අපි බොහෝ සුළු පිරිසකටයි අහන්න ලැබෙන්නේ. බණ දහසක් කියනවට වඩා බුද්ධ දර්ශනයේ තියන හරය භාවනාව පිළිබඳව මේ සමස්ත ලෝකවාසී ප්‍රජාවටම ගෙනියන්නන මෙම සිනමා කෘතියෙන් අවස්ථාව ලැබෙනවා. මේ සිනමා නිර්මාණයේ මූලික අදියර අවසන්. ඉන්දියානු නිළි උරුමිලා ජයෙන් මේ සිනමා නිර්මාණයට සම්බන්ධ වෙනවා.

බෞද්ධ ඉතිහාසයෙන් මිදීම

මෙය වාණිජමය කටයුත්තකට වඩා දාර්ශනිකමය අධ්‍යාත්මික කටයුත්තක් බව තමයි අපේ හැඟීම. බෞද්ධ ඉතිහාසයෙන් මිදිලා බුද්ධ දර්ශනය පදනම් කරගෙන චිත්‍රපටියක් එළියට එන්නේ පළවෙනි වතාවටයි. රුපියල් මිලියන හැත්තෑවක සම්පූර්ණ පිරිවැයක් මේ සඳහා වැය කරනවා. චිත්‍රපට ශාලාව තුළ විතරක් නෙවෙයි මුළු ලෝකයේ ම ජනතාවටම බෞද්ධ දර්ශනයේ මූලික පරමාර්ථ ගෙන යෑම අපේ අරමුණයි. මැයි මාස දහවෙනිදා අපේ මුහුරත්  උළෙල පවත්වනවා. අගෝස්තු මාසේ අපි රූගත කිරීම් ආරම්භ කරනවා. වෛරය වපුරන්නටවත් විවේචනය කරන්නටවත් කිසිම දේකට නෙවෙයි මේ කටයුත්ත කරන්නේ. බෞද්ධ දර්ශනය තව තවත් මිනිසුන්ගේ හිත් තුළ ආදරය කරුණාව සාමය සතුට වපුරන එකයි මේ සිනමා නිර්මාණයේ වියාායාමය. මෙම චිත්‍රපටය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රූගත කිරීමට නියමිතයි.''

චිත්‍රපටියේ අධ්‍යක්ෂ සමීර වක්වැල්ල

 මේ ග්‍රන්ථය පරිහරණය කරපු පාඨකයා තුළ මතුවන මනෝභාවයන් ඒ ආකාරයෙන්ම රැකීමේ අවශ්‍යතාවය මේ සිනමා නිර්මාණය තුළ තිබෙනවා. චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් අනතුරුව ඔබේ අදහස දැනගැනීමයි මගේ  චිත්‍රපටිය තුළින් බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රවීණ චිත්‍රපට නිළි දමිතා අභයරත්න

බෞද්ධ දර්ශනය ලෝකයට ගෙන යෑමට හොඳ අවස්ථාවක්

සමීර වක්වැල්ලව හැමෝම දන්නවා. ජාත්‍යන්තරයේ හොඳ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. බුදු දහමේ හරය ජාත්‍යන්තර වශයෙන් අරගෙන යන්නට මේ එකතුවීම ලොකු රුකුලක් වෙයි කියලා අපි හිතනවා. ජාතක කතා ඉතිහාස කතා මගින් සකස් කළ සිනමා නිර්මාණවල අපි රඟපාලා තියෙනවා නමුත් බෞද්ධ දර්ශනය මුල් මුල්කරගත් චිත්‍රපටයක රඟපාන පළමු අවස්ථාව මෙය යි.  සියලු ආගම් වල අපට උගන්වන්නේ හොඳ මනුස්සයෙක් බිහි කිරීමට අවශ්‍ය හර පද්ධතිය යි. අපි බෞද්ධයින් විදියට මේ චිත්‍රපටයේ ඇති බෞද්ධ දර්ශනය ලෝකයට ගෙන යෑමට අපට හොඳ අවස්ථාවක් මේවගෙන් ලැබෙනවා. 

 

film1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න