ශ්‍රී ලංකාවේ 78වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සුබ පතයි...!

ශ්‍රී ලංකාවේ 78වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සුබ පතයි...!

ශ්‍රී ලංකාවේ 78වන ජාතික නිදහස් දිනය අද (04) සමරන අවස්ථාවේ දී, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරනු ලැබ ඇත.

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් රන ලද ලිපියකින්, තුන්වන චාල්ස් රජු ශ්‍රී ලංකාවට සිය “උණුසුම් සුබ පැතුම්” පිරිනමමින්, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින “දිගුකාලීන හවුල්කාරිත්වය” සහ “ගැඹුරු ඉතිහාසමය බැඳීම්” පිළිබඳවද අවධාරණය කර ඇත.

එක්සත් රාජධානියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සිදුකරනු ලබන වැදගත් දායකත්වයට ද ඔහු මෙහි දී ප්‍රශංසා කර ඇත. අධ්‍යාපනය, වෙළඳාම සහ අනෙකුත් ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගීතාව ද ඉස්මතු කර ඇත.

මේ අතර, බහරේන් රාජ්‍යයේ මහරජු හමාද් බින් ඉසා අල් කලීෆා මහරජු ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න