වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.
අමාත්‍යංශය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මෙම තීරණාත්මක අවස්ථාවේ දී, එක්සත් ජාතීන් ගේ සංවිධානය සහ එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලය යනාදි එහි ආයතන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, වෙනිසියුලානු ජනතාව ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ස්වෛරී අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින්, සාමකාමී විසඳුමක් ළඟා කරගැනීම උදෙසා කටයුතු කිරීම වැදගත් යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


