වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය මර්දනය හෙළා දකී

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය මර්දනය හෙළා දකී

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට එරෙහිව අනීතික ලෙස ගම්පොළ පොලිසිය වෙත කැඳවීම සහ හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම මගින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසත්, මාධ්‍ය නිදහසත් මර්දනය කිරීමට පොලිසිය මෙහෙයවමින් රජය දරමින් සිටින උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

පොලිස් රාජ්‍යයක බලය ස්ථාපිත කිරීම තුළින් මාධ්‍ය මර්දනයේ ආණ්ඩුවේ අභිලාෂ ක්‍රියාත්මක කිරීමට ගන්නා නිර්ලජ්ජී උත්සාහයෙන් වැළකී මේ රටේ සැබෑ මාධ්‍ය නිදහසක් සහ මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිමක් ඇති කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, විවිධ මර්ධන නීති සහ අත පෙවීම් හරහා රජයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ලවන බලපෑමට එරෙහිව එක්ව පෙළගැසෙන ලෙසත්, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අගයන සියල්ලන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම්  රංග බණ්ඩාරනායක දෙපළ ගේ අත්සනින් යුත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි. 

Screenshot 2025 12 26 085527

Screenshot 2025 12 26 085604

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න