#newstube

  • රාගම නගරය කැළඹූ ‘හිසකෙස් කැපීමේ’ අමානුෂික ප්‍රහාරය: ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු දැලේ

    රාගම නගරයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා දමා, අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  • රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

    අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි  පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද (01) අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

  • රාජගිරියේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය​ක්

    රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

  • රාජදුරෙයි සංශෝධනය, සූරසේන සංශෝධනය සහ අනුරතුමා කෙළවාගන්නා තැන

    අනුරතුමා තමන්ට අවනත අග්‍රවිනිශ්චයකරුව තව දුරටත් තබා ගැනීම සඳහා විනිසුරුවරුන් ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට යයි. එය ඔහුට ම පාරාවළල්ලක් වනු ඇත. මට මතක් වූයේ පහත සඳහන් කියමනය;

  • රාජපක්ෂලා යුද්ධය අවසන් කළාට ප්‍රශ්නය විසඳුණා ද...? - Ideas front වීඩියෝවක්

    රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ ප්‍රශ්නය සඳහා තිරසාර විසඳුමක් ලබා දෙන්නට අපොහොසත් වූයේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • රාජ්‍ය අංශයේ කුසීතකම් දුරලන්න:  RBM එයි !

    රජය විසින් රාජ්‍ය අංශයේ ප්‍රතිඵල පදනම් කරගත් කළමනාකරණය (Results-Based Management - RBM) ශක්තිමත් කිරීම සඳහා නව "අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්" හඳුන්වා දී ඇත.

    2025 සිට 2029 දක්වා කාලය ආවරණය වන පරිදි, අමාත්‍යාංශ 22 ක් සහ අනුබද්ධ ආයතන ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

    මෙමගින් සියලුම සංවර්ධන ඉලක්ක නිශ්චිත කාල රාමු තුළ දී ඉටුකරන බව සහතික කිරීම අපේක්ෂා කෙරේ.

    මෙම ප්‍රතිඵල රාමුව සකස් කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

    එහි ප්‍රධාන අරමුණ වන්නේ අමාත්‍යාංශ හරහා කාර්යක්ෂමතාව, වගවීම සහ සම්බන්ධීකරණය ඉහළ නැංවීමයි.

    එමෙන්ම, රාජ්‍ය අංශයේ ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමෙන් රජයේ ආයෝජන කෙරෙහි මහජනතාවගේ විශ්වාසය වැඩි කිරීම ද අපේක්ෂා කෙරේ.

    මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

    ඒ අනුව මෙම නව ක්‍රමවේදය මඟින් එක් එක් අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ අයවැය උපායමාර්ගය මෙම ප්‍රතිඵල රාමුව සමඟ සෘජුවම ඒකාබද්ධ කෙරෙනු ඇත.

  • රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, 2025 වසරේ පෙති සහ කරල් මිලියන 3625 ක් නිකුත් කරයි

    ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ සුවිශාල ප්‍රගතියක් සනිටුහන් කරමින් 2025 වසර තුළ වැඩිම ඖෂධ නිෂ්පාදන ලෙස ඖෂධ පෙති සහ කරල් මිලියන 3625ක් නිෂ්පාදනය කිරීමට සමත්වී ඇත.

  • රාජ්‍ය කෙටිනාට්‍ය සහ දිගු නාට්‍ය උලෙළ නොවැ. 18 සිට 28 දක්වා

    2025 රාජ්‍ය කෙටිනාට්‍ය සහ දිගු නාට්‍ය උලෙළ නොවැම්බර් 18වන දින සිටි 28වන දින දක්වා මරදාන එල්ෆින්ස්ටන් රගහලේ දී...

  • රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයින් ගේ මිතුරන් වුව හොත්...? Ideas front වීඩියෝවක්

    රාජ්‍ය නිලධාරීන් හැකි තරම් නීත්‍යනුකූලව කටයුතු කළ යුත් බවත් එසේ නොවුණ හොත් ඔවුන් බරපතළ අසීරුතාවකට පත්වන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

  • රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.

    රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න  පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.

    ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය මෙහිදී ආරම්භ විය.

    ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.

    මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.

    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය රෝෂිණී දිසානයක, ඒ.ජී. නිශාන්ත, චිත්‍ර තිලකරත්න, ධම්මික මුතුගල, ඔමාලි විමලරත්න, මෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරී ජේ. ඩී. ඒ. පී ජයසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යූ. එල්.ඒ. නසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගීගනගේ  සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිධාරීන් රැසක් එක් ව සිටියහ.

    Ada derana.lk

  • රාජ්‍ය මාර්ගගත සේවා පද්ධතියට ඇතිවූ බලපෑම තවදුරටත්

    ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට ඇතිවූ තාවකාලිකව බාධා වීම් තවදුරටත් පවතී.

    මෙම සිදුවීම හරහා කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදයන්ට බලපෑමක් නොමැති බව ICTA ආයතනය අවධාරණය කරයි. දත්තවල අඛණ්ඩතාවය සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින අතර, තීරණාත්මක පද්ධති පූර්ණ සුරක්ෂිතතාවයෙන් යුතුව ක්‍රියාත්මක වේ.

    මෙම බාධාවට හේතු වූ මූලික හේතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ICTA ආයතනයේ ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින අතර මේ සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දී ඇත.

    මහජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා, සහතික පිටපත් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගැනීම වැනි බලපෑමට ලක් වූ සේවාවන් සඳහා වූ විකල්ප ක්‍රමවේද තවදුරටත් ක්‍රියාත්මක වේ. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකාර ආයතන වෙත තත්‍ය කාලීන ප්‍රගති වාර්තා මඟින් අඛණ්ඩව දැනුම් දෙමින් සිටී.

    2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලද LGC හි නවීකරණ සහ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය මඟින් පුළුල් කළ ධාරිතාවකින් සහ උසස් තාක්ෂණයෙන් යුත් ක්ලවුඩ් යටිතල පහසුකම් සැපයීමට නියමිත අතර, එමඟින් නියමිත ප්‍රමිතීන්ට අනුකූල සේවා සහතික කිරීමක් හා නම්‍යශීලීභාවයක් සහතික කරනු ඇත.

    LGC හි පූර්ණ ප්‍රතිෂ්ඨාපනය ඉක්මනින් අපේක්ෂා කරන අතර, පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සේවාවන් අදියර වශයෙන් නැවත සක්‍රීය කිරීමට සැලසුම් කර ඇත. සියලුම සේවාවන් කඩිනමින් ප්‍රශස්ත කාර්ය සාධනයකට ගෙන ඒමට ICTA ආයතනය පූර්ණ කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි. මෙම කාල සීමාව තුළ මහජනතාව සහ බලපෑමට ලක් වූ ආයතන දක්වන අවබෝධය හා සහයෝගය වෙනුවෙන් ICTA ආයතනය සිය ස්තුතිය පුද කරයි.

     



    (ada)

  • රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය නොමැතිව දීපචෙල්වන් ගෙ කෘති නිදහස් කරන්න බැහැ - රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා

    ප්‍රකට දෙමළ කවියකු සහ නවකතාකරුවකු වන දීප චෙල්වන් ප්‍රදීපන් විසින් රචිත, ම් වනස විට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති කෘතිවල පිටපත් තොගය නිදහස් කිරීමට රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය බවත්, 

  • රාජ්‍ය සේවයෙහි නිර්මාණශීලී යුගයක් අවශ්‍ය නම්...

    මතුව තිබෙනා තත්වය යටතේ නිවසේ සිට රාජකාරි කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනපති ලේකම්වරුනට උපදෙස් දුන් බව දක්නට ලැබිණි.

  • රාජ්‍ය සේවයේ හැමෝ ම හොරු නෙවෙයි - අමාත්‍ය නලින්ද ජයතිස්ස

    රාජ්‍ය සේවයේ අති බහුතරයක් අදූෂිත, සොරකම් සිදු නොකරන සහ  එවන් කටයුතු සඳහා දායක නොවන බවත්,  ඉතා සුළු පිරිසක් දුෂණ සහ ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

  • රාජ්ෂාහි වොරියර්ස් BPL කිරුළ හිමිකර ගනී

    චැටෝග්‍රෑම් රෝයල්ස් කණ්ඩායම ලකුණු 63කින් පරාජය කර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාජ්ෂාහි වොරියර්ස් කණ්ඩායම සමත් විය.

  • රාජු බණ්ඩාර දිවි සැරිය නිම කරයි

    ප්‍රවීණ වාද්‍ය ශිල්පියකු මෙන් ම ගායන ශිල්පියකු වන රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වී ඇත.

  • රාත්‍රී අහස හරහා ගමන් කරන දීප්තිමත් වල්ගා තරුව - අකුෂ්ලා සෙල්ලාය

    මෙම ලිපිය ඉංග්‍රීසියෙන් ලිවූ Chandri Peris මහතා ගේ කාරුණික අවසරය මත සරලව නැවත සිංහලෙන් පළකිරීමට සිත් විය.

  • රැකියා (මිනිස්) ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වේ

    මෝල්ඩෝවා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයකු සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා වී තිබේ.

  • රැජිනියන් උපදින්නේ නෑ, ඔවුන් නිර්මාණය කරනු ලබනවා

    මේ මී මැසි ලෝකයේ පුදුම කතාවක්! රැජිනක් මිය ගියාම, රටක වගේ මී මැසි ජනපදයක අවුල් සහගත, අරාජික තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ.

  • රියැදුරු අකුසලතා ලකුණු මාස හයකින් එනවා - පොලිසිය

    රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඒ.ජේ. සේනාධීර පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න