රියැදුරු අකුසලතා ලකුණු මාස හයකින් එනවා - පොලිසිය

රියැදුරු අකුසලතා ලකුණු මාස හයකින් එනවා - පොලිසිය

රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඒ.ජේ. සේනාධීර පැවසීය.

ඊට අදාළ ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඩිජිටල් අර්ථික අමාත්‍යාංශය යන ආයතනවල විශේෂඥයන්ගෙන් යුත් කමිටුව විසින් සකස් කරමින් පවතින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

Gov pay මගින් දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ සේවාව ආරම්භ කිරීමත් සමග රියැදුරන් රථවාහන වැරැදිවලින් ලබාගන්නා ලකුණු ගණනය කරන බවත් අකුසලතා ලකුණු 24ක් තිබෙන බවත් කී හෙතෙම, එම ලකුණු 24ම අහිමි කරගන්නා රියැදුරකුට රිය බලපත්‍රය වසර දෙකකට අත්හිටුවන බවද සඳහන් කළේය.

(aruna | එෆ්. අස්ලම්)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න