#newstube

  • හෙට විදුලිය කැපෙයිද? ලංවිම වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක

    සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (26) දහවල් 12:00 සිට සවස 6:00 දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර ඇත.

  • හෙද නිල ඇඳුමට ජාතීන් අනුව බෙදීම් එපා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

    රජයේ රෝහල්වල සේවය කරන, මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන්ට සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර තිබේ.

  • හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අල්ලයි

    බෙන්තොට පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

  • හෙළ සිනමාවේ පුරාවෘතයක් වූ, ආතර් සී ක්ලාක් ගේ හොඳම මිතුරා මයික් විල්සන්

    මේ කතාව පටන් ගන්නේ 1951 දී. මේ වෙන කොට ආතර් සී ක්ලාක් කියන්නේ තරුණයෙක්.

  • හේමාල් රණසිංහට ඇප

    පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.

  • හොඳම නළුවාට හිමි සම්මානය අමාත්‍ය වසන්ත සමරසිංහට...!

    ජවිපෙ නායකයකු වන වසන්ත සමරසිංහ පසුගිය වසර 25 ඇතුළත සිදුකර ඇති රංගනය වෙනුවෙන් ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය දීමට සුදුසු යයි නව ජනතා පෙරමුණ පවසයි.

    නව ජනතා පෙරමුණේ කොළඹ දිසා නායක දිනේෂ් අබේකෝන් එ බව කියා සිටියේ, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය ඉදිරිපිට දී මාධ්‍ය අමතමිනි.

    එම පක්ෂයේ කොළඹ දිසා නායක දිනේෂ් අබේකෝන්, මොරටුව ආසන සංවිධායක සුමිත් චන්ද්‍රලාල් ප්‍රනාන්දු, දෙහිවල ආසන සම සංවිධායක අමිල කුරේ, සමන් රණතුංග සහ එම පක්ෂයේ සාමාජික ප්‍රකාශ් යන අය එම අවස්ථාවට එක්ව සිටියේය.

    දිනේෂ් අබේකෝන් එහිදී තව දුරටත් මෙසේ පැවසිය.


    කෝටි 28ක මුදලක් උපයා ගත්තේ කෙසේ ද...?


    '' අපි අද කිරිපැණි, කෙසෙල්, ඇදුම් පැලඳුම් මේ සියල්ල අරගෙන ආවේ මේ රටේ ව්‍යසායක වසන්න සමරසිංහ මුදලාලි  හම්බවෙන්න. මොකද පසුගිය වසර 25 ඇතුළත එතුමාගේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දෙන්න පුළුවන්. ඒ ඇයි දන්නව ද...? එතුමා නිර්ධන පන්තියේ ජීවත්වන රටේ පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියා රඟපෑවාට එතුමා ඉහළ ප්‍රභු පවුලක කෙනෙක් බව එතුමාගේ වත්කම් බැරකම්වලින් අපි දැක්කා.

    කෝටි 28ක මුදලක් වසර 25 ක් පූර්ණ කාලීනව දේශපාලනය කරපු ව්‍යාපාර කිසිවක් නොකරපු වසන්ත සමරසිංහ මුදලාලි උපයා ගැනීම සිදු කළේ කෙසේ ද කියලා අපිට හිතාගන්න අමාරුයි.

    පාක්ෂිකයෝ කලකිරිලා

    එතුමා ප්‍රකාශ කර සිටියේ ඇඳුම් පැලඳුම්, කිරි පැණි, කෙසෙල්, ඇතුළු අනිකුත් කෑම බීම දෙන්නේ එතුමාගේ පාක්ෂිකයෝ කියලා. මේ වනවිට එතුමාගේ පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නේ. ඒ වසර 25 පුරා ම මෙලෙස කෝටි ගාණක වත්කම් තමන් සතුව තියාගෙන රටේ ජනතාව විශේෂයෙන්ම එතුමාගේ පාක්ෂිකයෝ රවටපු එක සම්බන්ධයෙන්. ඒ නිසා අද දින කිරිපැණි කෙසෙල් අරන් අපි ආවේ හොඳම නළුවාට මේ ටික දිලා යන්න. එතුමා බාරගත්තේ නැත්තන් අපි මේ සියල්ල මෙහි තියලා යනවා.


    තව දුරටත් කෝටිපති මුදලාලිලා පෝෂණය කරන්න බැහැ

    කොටපොළ ජයශාන්ත  මෙතෙක් කිරිපැණි කෙසෙල් ගෙනත් දුන්නා. නමුත් වසන්ත සමරසිංහගේ, බිමල් රත්නායකගේ, ලාල්කාන්ත ගේ සුනිල් හඳුන්නෙත්තිගේ වත්කම් දැක්කම ඔහුටත් මේ වනවිට පාරේ බැහැලා යන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ 3% සාමාජිකයින් තම අතේ තිබුන රු 100 දීලා තමයි මේ අමාත්‍ය මණ්ඩලය පෝෂණය කළේ. ඒ නිසා දැන් ඔවුන් දැඩි මැළිකමක් දක්වනවා පුර්ණ කාලීනව කෝටිපති මුදලාලිලා පෝෂණය කරන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා මෙවැනි නළුවන් රැකගන්න එන්න කියලා.

    ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ 3% කාඩර්වරුන්ටත් අපි කියනවා අඩුම තම දරුවන්ට රු. 100 න් බිත්තරයක් වත් අරන් දෙන්න. ඒ තුලින් දරුවන්ට අඩුම පෝෂණය වත් ලැබෙනවා.

    අපි විශේෂයෙන්ම මේ රටේ 3% ක ජනතා විමුක්ති පෙරමුණ පාක්ෂිකයන්ට කියන්නේ තව දුරටත් ගොනාට ඇනද වෙන්න එපා කියලා.''

  • හොර සහතික නිසා හිරබත් කෑ දේශපාලනඥයෝ - (TMG Chandrasekara)

    ලොව පුරා ජනතාවගේ අපේක්ෂාව වන්නේ තම දේශපාලන නායකයින් අවංක ,ක්‍රියාශිලි සහ වගවීම දරන පුද්ගලයන් විය යුතු බවයි.

  • හෝමාගම සංවර්ධනයට චීනයෙන් මිත්‍රත්ව ආධාර

    චීනයේ ෂංජොවු නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාව සහෝදර පළාත් පාලන ආයතන ලෙස සංවර්ධන හුවමාරු වැඩ සටහනකට එක්වේ.

    ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ මැදිහත්වීමෙන් ඇතිකරගත් සුහදත්වය පෙරදැරිව චීනයේ ෂංජොවු නගර සභාව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභාවේ මානව සම්පත් සංවර්ධනයට තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීමට චීනයේ ෂංජොවු නගර සභාව එකඟතාවය පළකර ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක පවසයි.

    මේ සම්බන්ධ නිරීක්ෂණ චාරිකාව සහ පූර්ව සාකච්ඡාව පසුගියදා චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) ඇතුළු චීන නියෝජිතයන් සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක නියෝජිතයන් අතර පැවැත්වුණි.

    මේ පිළිබඳ සහයෝගිතා සැලසුම ඉදිරියේ දී අත්සන් කරනු ලබන බව ද සභාපති කසුන් රත්නායක පැවසීය.

    ෂංජොවු - හෝමාගම සහෝදර නගර වැඩසටහන (Sister City Program ) තුළින් චීනයේ පළාත් පාලන ආයතනවල පරිපාලනමය සහ සංවර්ධයේ විරල අත්දැකීම් ලබා ගැනීමට හෝමාගම ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන්ට සහ නිලධාරීන්ට හිමි වනු ඇතැයි ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර පවසයි.

    මෙම නිරීක්‍ෂණ චාරිකාවට සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවට හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක, චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) ඇතුළු රජයේ හා ව්‍යවසායක නියෝජිතයන් අට දෙනෙකු ද ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ නියෝජ්‍ය සභාපති දුනිල් හෙයියන්තුඩුව ,ජාතික සංවිධායක නන්දසේන මදවන්ආරච්චි සමග හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු සහ නිලධාරීහු එක් වූහ.


    ජේ. මුණසිංහ

     

    WhatsApp Image 2025 09 22 at 14.19.38 73613702

    WhatsApp Image 2025 09 22 at 14.19.38 88414a49

    WhatsApp Image 2025 09 22 at 14.19.38 cffaa715

    WhatsApp Image 2025 09 22 at 14.19.39 eff595df

    WhatsApp Image 2025 09 22 at 14.19.37 6166f125

  • හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට අමෙරිකානු නාවික හමුදාවේ ආරක්ෂාව - ජනපති ට්‍රම්ප්ගෙන් විශේෂ නිවේදනයක්

    හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සහ වෙළඳ නැව් සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

  • ළඟදීම මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි !

    රුපියල් කෝටි 8කට තම ධුරය විකුණා ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ ඔහු කවුදැයි සමාජයේ කුතුහලයක් මතු වී තිබේ.

    පසුගිය වසරේ දී ඒ ආකාරයෙන් ඉල්ලා අස් වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පමණකි.

    2024 ජනවාරි 09 වෙනි දින ඉල්ලා අස්වීමේ කතාව පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ ඔහු ජනතාව කරන ශාපයෙන් දරුවන් මුදවා ගැනීමේ අපේක්ෂාවෙන් එම තීරණය ගත් බව සඳහන් කළේය.

    පසුව, නැවත සජිත් පිල සමඟ එක් වූ ඔහු මේ වනවිට එම පිලේ ම මන්ත්‍රී ධුරයක් දරමින් සිටී.

    රුපියල් කෝටි 08කට මන්ත්‍රී ධුරය විකුණා දැමීම පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන අතර, ඔහු නැවත ඉල්ලා අස්වේ දැයි ඇතැම් අය ප්‍රශ්න කරති.


    Screenshot 2025 10 11 144659

    ( lankatruth )

  • ළමුන්ට ලිංගිකත්ව අධ්‍යාපනය ප්‍රතික්‌ෂේප කිරීම වැඩිහිටි ලෝකයේ අර්බුදයක් ද...?

    6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිස්සංකරණ පිළිබඳ මතගැටුම් අතර ඉහළට එස වී ආවකි, ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාව.

  • ළහිරු අචින්ත ශ්‍රී ලංකාව රනින් බැබලවයි - නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක්

    බහරේනයේ පැවැත්වෙන 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.

  • ෆාමසි හිමිකරුවකු මත් ද්‍රව්‍ය  සහ අසභ්‍ය වීඩියෝ ජාවාරමක

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බොහෝ පිරිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අත මිට මුදල් නැති කළ විවිධ වර්ගයේ මත්පෙති සහ මත් කරල් පානයට පුරුදුව සිටිති.

  • ෆිලිපීනයට දරුණු සුළි කුණාටුවක්

    රගාසා (Ragasa) සුපිරි සුළි කුණාටුව ෆිලිපීනයට (Philippine) කඩා වදී. ඒ පිලිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස සහ සියලු රාජ්‍ය ආයතන හදිසි මෙහෙයුම් පිණිස සූදානම් කර තැබීමට වහා පියවර ගන්නා ලෙස ජනපති, කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ( Ferdinand Marcos Jr) එරට විපත් ප්‍රතිචාර ඒජන්සියට අද (22) දැනුම් දුන්නේය.

    උතුරු ෆිලිපීනයට බල පා ඇති සුළි කුණාටුව, පෙරදිග සහ අග්නිදිග ආසියාවට ද ව්‍යාප්ත වනු ඇතැයි, කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

    මේ වන විට, පැයට සැතපුම් 134ක වේගයෙන් හමා යන එය, එරට බැබුයාන් (Babuyan ) දිවයිනට ඉහළින් හමා ගොස්, කැලයාන් (Calayan) දිවයින මත පතිත වීමට නියමිතය. සුලඟේ ගැස්ම පැයට සැතපුම් 160ක් ලෙස වාර්තා වේ.

    සුළි කුණාටු මාර්ගයේ සියළු පදිංචිකරුවන්ට වෙරළ තීරයෙන් සහ ගංගාධාර ප්‍රදේශ වෙතින් ඉවත්වන්නැයි, දැනුම් දී තිබේ.

    උතුරු ෆිලීපීනයේ කැගයාන් (Cagayan) පළාත්බද ප්‍රදේශවල කාලගුණ තත්ත්වය දැඩි සුළං ප්‍රවාහ සහ තද වැසි තෙක් වර්ධනය වී ඇතැයි, ද වාර්තා වේ. මාර්ගයේ සහ අවට වෘක්ෂ ඉදිරී, සුලඟේ ගසා යන තත්ත්වයට කාලගුණය දරුණු ව ඇති බවත්, මුහුදු රළ චණ්ඩ ව පවතින බවත්, එරට කාලගුණ බලධාරීහු පවසති.

    මැනිලා අගනුවර සහ තවත් ප්‍රදේශ රැසක දෛනික කාර්යාල කටයුතු හා වැඩ බිම් නතර කිරීමට සහ පාසල් වසා දැමීමට රජය පියවර ගත්තේය. හදිසි විදුලි විසන්ධි වීම්, නාය යාම් සහ ගංවතුර තත්ත්වයන් පිළිබඳව මහජනතාව වෙත දැනුම් දී තිබේ.

    ෆිලීපීනයේ දේශීය ගුවන් සේවා රැසක් සිය ගුවන් ගමන් වාර අවලංගු කළහ. වරාය මගී යාත්‍රා සේවා ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.

    තායිවානය ද සුළි කුණාටුව පිලිබඳ දැඩි අවධානයෙන් පසුවේ.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    9/22/2025


    මුලාශ්‍රය :


    Super Typhoon Ragasa barrels through northern Philippines, triggers alerts across region

  • ෆිලිපීනයේ ජල විපත් ව්‍යාපෘති වලින් ගහලා; මහජනයා විරෝධයේ

    ෆිලිපීනයේ 200,000කට අධික පිරිසක් අද (17) දෙවන දිනටත් රජයේ දූෂණ විරෝධී උද්ඝෝෂණයන්ට එක් වූහ.

  • ෆිලිපීනයේ මගී යාත්‍රාවක් ගිලී යයි; 18ක් මරුට; අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම්

    මගීන් 300කට අධික පිරිසක් රැගෙන දකුණු ෆිලිපීනයේ 'සුලු' පළාත  බලා යාත්‍රා කරමින් තිබූ මගී යාත්‍රාවක් අද (27) අළුයම  අනතුරට පත් විය.

  • ෆෙඩරල් රාජ්‍ය ආයතන වසා දැමීමෙන් එක්සත් ජනපද ගුවන් තොටුපොළ රැසක මෙහෙයුම් ප්‍රමාදයි

    එක්සත් ජනපද ගුවන් තොටුපොළ රැසක් කාර්ය මණ්ඩල ගැටළු හේතුවෙන් ප්‍රමාදයට ලක්වේ. ඊයේ (06) සිට එරට නෙවාර්ක් (Newark ) සහ ඩෙන්වර් (Denver) ඇතුළු ගුවන් තොටුපොළ රැසක ගුවන් ගමන් පාලකවරු 'ලෙඩ නිවාඩු' වාර්තා කර සේවයෙන් වැළකී සිටින බව වාර්තා වේ.

    එක්සත් ජනපද ෆෙඩරල් රජය අදියරෙන් අදියර වසා දැමීමට, ජනපති ට්‍රම්ප් ගත් තීරණයත් සමග මෙම ගැටළුකාරී තත්ත්වය හට ගෙන තිබේ. එම තීරණයත් සමග බොහෝ රාජ්‍ය ආයතන අර්ධ වශයෙන් හෝ මුළුමනින්ම වසාදැමීමට පියවර ගැනෙමින් පවතී. ෆෙඩරල් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම පිණිස, කොන්ග්‍රසය විසින් අදාළ අය වැය හෝ තාවකාලික අරමුදල් අනුමත නොකිරීම ඊට හේතුවයි.

    බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් වැටුප් රහිත අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති අතර තවත් පිරිස් වෙත නියමිත් වැටුප් පොරොත්තුවෙන් තොරව සේවයේ යෙදීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව, ගුවන්තොටුපොළ වැනි ආයතන අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත. කෞතුකාගාර, ජාතික වනෝද්‍යාන සහ තවත් පරිපාලන ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයෙන් ඉවත් කොට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

    අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයට අයත් ගුවන් ගමන් පාලකවරුන් 13,000කට සහ ප්‍රවාහන ආරක්ෂක පරිපාලන නිලධාරීන් 50,000කට අධික පිරිසකට වැටුප් පොරොත්තුවෙන් තොර සේවය අනිවාර්ය කර ඇත. ඒ අනුව, මෙම මස 14 දිනට අපේක්ෂිත ඔවුන්ගේ මීළඟ වේතනපත නියමිත දිනට නොලැබී යාමේ අවදානමක් ඇතැයි ඔවුහු කියා සිටිති.

    ඉකුත් සතියේ ෆෙඩරල් රාජ්‍ය ආයතන වසා දැමීම ඇරඹීමත් සමග ඇතැම් ප්‍රදේශවල ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩල ද 50%කින් කපා දැමීමට රජය පියවර ගත්තේය.

    ගුවන් ගමන් පාලකවරුන්ගේ ගැටළු හේතුවෙන් නෙවාර්ක්, ෆීනික්ස් ( Phoenix), ඩෙන්වර්, ලාස් වේගාස් (Las Vegas) සහ බර්බෑන්ක් ( Burbank) ඇතුළු ගුවන් තොටුපොල රැසක ගුවන් ගමන් බෙහෙවින් අඩාල ව ඇතැයි, ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය (FAA) පැවසීය. ඊයේ දිනය තුළ පමණක්, එක්සත් ජනපද ගුවන්තොටුපොළ වෙතින් පිටත්වන සහ ඒ වෙත ලඟා වන ගුවන් යානා 4000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාදයන්ට ලක් වූ බව වාර්තා වේ.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/7/2025



    Staffing issues cause delays at US airports as shutdown persists

  • ෆේස් බුකියෙන් 'නිවන පෙන්වා' සල්ලි ගරලා !

    ‘පන්සිය පනස් ජාතක කතා වස්තුව’ ඇතුළු විවිධ නම්වලින් ෆේස්බුක් පිටු සකසා පිළිකා රෝගී දරුවන්ගේ තොරතුරු ඇතුළත් කරමින් විවිධ දැන්වීම් පළ කර ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා කළ කණ්ඩායමක් පිළිබඳව විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (6 වැනිදා) දන්වා සිටියේය.

  • ෆොන්සේකා මේ වනතුරු කිසිදු තනතුරක් ඉල්ලා නැහැ - ඇමති ලාල්කාන්ත

    ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා  සමග යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇතත් ඔහුට තනතුරක් ලබා දීමට කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බව කෘෂිකර්ම අමාත්‍යක කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

    මහනුවරදී පැවැති වැඩසටහනට එක් වූ අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

    “සරත් ෆොන්සේකා  සමඟ යම් යම් කරුණු පිළිබඳ කොතෙක් සාකච්ඡා කොට ඇතත් ඔහුට තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ආණ්ඩුව සිදු කර නැහැ. අනෙක ඔහු කිසිදු තනතුරක් ආණ්ඩුවෙන් මේ වනතුරු ඉල්ලා නැහැ”

  • ෆොන්සේකාගේ මහින්ද විරෝධී ප්‍රකාශයට එරෙහිව දැඩි ප්‍රතිචාරයක්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය.

    "මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අයි ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලිවලින්. මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්... මම පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ දාන්නේ අරලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපොළ මේකට ඉස්සුවාට. පැය 24න් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්.  



    sarath


    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් Prasad Munaweera සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

    ● වසර 35ක් යුද හමුදාවේ සේවය කර විශ්‍රාම යෑමට සූදානම් වූ විට සේවා දිගුවක් දී ඔබව යුද හමුදාපති කරන්නේ මහින්ද



    ● 2006 ඔබගේ මූලස්ථානයටම ඇවිත් සිදු කල මරාගෙන මැරෙන බෝම්බයෙන් අසාධ්‍ය වූ ඔබව ලොකේ කොහේ හරි ගෙනිහින් සනීප කරලා දෙන්න කිව්වේ මහින්ද



    ● ජෙනරාල් කොබ්බෑකඩුව වඩමාරච්චි මෙහෙයුමේදී යුද්ධය නිම කිරීමට ආසන්නයටම පැමිණ තිබියදී දේශපාලන නායකත්වය එම මෙහෙයුම නතර කලහ. අවසානයේ ජෙනරාල්ට තම ජීවිතයද අහිමි විය.



    ●නමුත්, සෝල්හයිම්, මිලිබෑන්ඩ් ඇතුලු බටහිර රටවල දැවැන්ත ජාත්‍යන්තර බලපෑම් වලට නතු නොවී ඔබට යුද්ධ කිරීමට සම්පූර්ණ නිදහස සහ ශක්තිය ලබා දුන්නේ මහින්ද



    ● කොටින්ම යුද ජයග්‍රහණය අරලියගහ මැදුරේ සැමරූ අවස්ථාවේදීද තම සහෝදරයා වූ ආරක්ෂක ලේකම් ගෝඨාද පසෙකලා ඔබට කේක් කපා එය සැමරීමේ ප්‍රමුඛතාවය ලබා දුන්නේ මහින්ද

    ඒ මහින්ද ඔබ වැඩ්ඩෙක් සහ දක්ෂයෙකු බව දැන සිටි නිසායි.

    අප සියලු දෙනාටද යුද ජයග්‍රහණයේ ඔබ කල විශාල සේවය කිසිවිටක ප්‍රතික්ෂේප කල නොහැක.

    නමුත් ඔබ ඉන්පසු කලේ කුමක්ද?



    *UNP සහ JVP ලණුවක් කමින් ඒ මහින්දට විරුද්ධව ජනාධිපතිවරණයට තරග කලා. නමුත්, එය ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි.



    *කෙසේ වුවද ඔබට කිසිදු දිනක සමාව දිය නොහැකි වරද වන්නේ සුදු කොඩි කතාව හරහා සමස්ත හමුදාව පාවා දුන් ඒ දේශද්‍රෝහි ක්‍රියාවයි. ‍



    *එම කතාව අදටත් අපගේ වීරෝදාර රණවිරුවන්ට ඉදිරිපත් කරන අභූත යුද අපරාධ චෝදනා සඳහා ජාත්‍යන්තරය ප්‍රබලව යොදා ගන්නවා.



    එම පාවාදීම, හමුදාවේ සිටියදී දේශපාලනය කිරීම සහ අවි ගණුදෙනුවක් සම්බන්ධව ඔබ යුද නීතිය යටතේ සිරගත වෙනවා.



    ඔබ කල සේවය සලකා බැලීමෙදී දෙවන සහ තෙවන වරදට ඔබ සිරගත කිරීමට මම එකඟ වන්නේ නැත.



    නමුත්, හමුදාව පාවා දීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරගත කලද කමක් නැත.



    එසේ තිබියදීත්, එදා ඔබ සිරගත කිරීම සිදු නොකර සිටියානම් හොඳයි කියා අද නාමල් කියනවා. ඒ මහින්දගේ පුතා.



    ඔබ ඔබ ගැන පෞද්ගලිකව සිතූ විට ඔබ කල පාවා දීම 100% නිවැරදි බව අද ඔබට පුන පුනා වැටහෙනවා ඇත.



    මන්ද, ආරක්ෂිත නිවසේ සිට වෙඩි නොවදින රථය දක්වා අහිමි කරමින් මහින්ද පස්සේ පන්න පන්නා පලිගන්නා විට,



    ඔබ තනියෙන් යුද්ධ කල ලෙසට ඔබ හැසිරුණද, ඔබ හැර අන් සියලු රණවිරු නායකයින්ට ජාත්‍යන්තර සම්බාධක පනවන විට,



    හිටපු නාවික හමුදාපතිගේ සිට ත්‍රස්තවාදීන් පාවා දී රජයට සහය වූ පිල්ලෙයාන් දක්වා පලිගන්නා විට,



    ඔබට මේ කිසිදු පලිගැනීමකට, වෛරයකට ලක් වන්නේ නැත.



    ඒ ඔබ සතුරන් සතුටු වන ලෙස කටයුතු කර, ඔබ ඔබට ලබාගත් රක්ෂණය නිසාය.



    නමුත්, ඔබ ඔබ ගැන සිතා කටයුතු කල විට මහින්ද කුමන බලපෑම් මධ්‍යයේ වුවත් අදටත් රට සහ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බව අප මෙන්ම ඔබත් හොදින්ම දන්නවා.



    එය ඔබ මේ කරනා කුහක, ඉරිසියාකාර, වෛරී, අපහාසාත්මක ප්‍රකාශ තුලින් රටේ ජනතාවට මැනවින් ප්‍රදර්ශනය කරයි.



    කෙසේ වුවත් මේ වම්පස සිටින ෆොන්සේකාට අප අදටත් ආදරෙයි, ණයගැතියි. 



    නමුත්, දකුණු පස සිටිනා පුද්ගලයා ගැනනම් ඇත්තේ අප්‍රසාදයක් මෙන්ම මහත් කණගාටුවක් පමණි. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න