#newstube

  • ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල; "කොළඹ සාහිත සමය 2026" (Colombo Literary Festival 2026) ජූලි 24වන දින සිට 29වන දා දක්වා

    ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසට ම සම මුල් තැන දෙමින්, මෙරට ප්‍රථම වරට සංවිධානය වන ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය — "Colombo Literary Festival 2026" (කොළඹ සාහිත සමය 2026),

  • ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට

    හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.

    වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

    අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.

    2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.

    ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.

    දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.

    අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ මේ වනවිට 85වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

    දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100වන ස්ථානයේද, පාකිස්තානය 103වන ස්ථානයේද පසුවෙයි.

    මෙහි අවසන් ස්ථානය එනම් 106වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය.


    (adaderana)

  • ලංකාවේ ලොකුම සමූපාකාරයක් වන දෙනියාය-කොටපොළ බලය සජබ ප්‍රමුඛ විපක්ෂය අල්ලයි!

    දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ.

  • ලංකාවේ විශාලතම සමූපාකාරය වන බෙරලපනාතරිනුත් මාලිමාවට දරුණු පරාජයක්!

    ලංකාවේ විශාලතම සමූපකාරය වන බෙරලපනාතර සමූපේ ඡන්ද විමසීමේදී 84ට 15ක් ලෙස ජයග්‍රහණය කිරීමට පොදු විපක්ෂය සමත් විය.

  • ලංකාවේ: ජාති, ආගම් සහ කුල සාධකයේ ආරම්භය ජවිපෙ - Ideas front වීඩියෝවක්

    එක්සත් ජාතික පක්ෂය සහ සමසමාජ පක්ෂය නිරන්තරයෙන් උත්සාහ කළේ: ජාති, ආගම්, කුලය නමැති සාධක ඉවත් කර දේශපාලනය කිරීම වුව ද, අවාසනාවකට පළමුවෙන් ම: ජාති, ආගම්, කුලය පදනම්ව දේශපාලනයෙහි නියැළුණේ ජනතා විමුක්ති පෙරමුණ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ලංගම ''යුනියන්'' ලොක්කන්ට අවසර පත්‍ර දී කෝටි අටක පාඩුවෙලා

    ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටක නියෝජිතයන් සඳහා විවෘත නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි හතරකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

    එසේම හුවමාරු පදනම මත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් දුම්රිය නිදහස් ගමන් අවසර පත් විසි දෙකක් වෘත්තිය සමිති සඳහා ලබාදීමෙන් තවත් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පැවසීය

    රජය පිළිගත් වෘත්තිය සමිති සම්මේලනයක් වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු පූර්ණ කාලීනව සම්මේලනයේ කටයුතු සඳහා නිදහස් කළ හැකි බවත් එසේ මුදා හරින නිලධාරියෙකුට දිවයිනේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නිදහස් ප්‍රවේශ පත්‍ර ලබාදිය යුතු බවත් පැවසිය. කෙසේ වෙතත් ඉහත නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ ඒ නීතියට පටහැනිව බවද එම වාර්තාව ප්‍රකාශ කරයි.

    මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.


    ( lankadeepa | සුජිත් හේවාජුලිගේ)


  • ලංගම බස් අලුත්වැඩියාවට ගේන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තුයි - ඇමැති බිමල්

    ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට සපයන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තු යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය.

  • ලලිත් කූගන් නඩුවට ඔන්ලයින් සාක්ෂි දෙන්න ගෝඨාභය සූදානම්

    තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් යාපනයට පැමිණිය නොහැකි බැවින් 2011 වර්ෂයේදී යාපනයේදී අතුරුදන් කළ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරිරාජ් සහ කුගන් මුරුගානන්දන්ගේ අතුරුදහන් කිරීමට අදාළ නඩුවේ සාක්ෂි ලබා දීම ඔන්ලයින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබා දිමට අවසර ඉල්ලා  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.

  • ලලිත් පතිනායක පරිපාලන තනතුරින් ඉවතට?

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

  • ලංවිම ප්‍රතිව්‍යූහගත කරන්නේ බිල අඩු කරන්නයි - කැබිනට් ප්‍රකාශක

    විදු­ලි­බල මණ්ඩ­ලය ප්‍රති­ව්‍යූ­හ­ගත කරනු ලබ­න්නේම විදු­ලි ­බිල අඩු කිරීම ඉලක්ක කර­ගෙන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස පැව­සීය.

    ඔහු මේබව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (08) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු‍වේදී ය.

    විදු­ලි­ බිල අඩු වුණ අවස්ථා, වැඩි වුණ අවස්ථා සහ අඩු වැඩි නොකර පවත්වා ගෙන ගිය අව­ස්ථා­ව­ලුත් තිබුණ බව හෙතෙම කීවේය.

    ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

    “කාල­යක් තිස්සේ විදු­ලි­බල මණ්ඩ­ලය අර­ගෙන ආව පාඩු­වක් තිබෙ­නවා. මහ­ජන අද­හස් විම­සීමේ ක්‍රියා­ව­ලි­යක තමයි මහ­ජන උප­යෝ­ගිතා කොමි­සම ඉන්නේ. විදුලි බිලේ කොහොම සංශෝ­ධ­න­යක් කර­නව ද කියන එක තාමත් මහ­ජන උප­යෝ­ගිතා කොමි­සම ප්‍රකා­ශ­යට පත් කරලා නැහැ. විදු­ලි­බල මණ්ඩ­ල­යත් යෝජ­නා­වක් ඉදි­රි­පත් කරලා තිබෙ­නවා. මහ­ජ­න­තා­වත් විවිධ දේ ප්‍රකා­ශ­යට පත් කරලා තිබෙ­නවා. ඒ සියල්ල මත පද­නම් වෙලා විදුලි බිල ගැන මහ­ජන උප­යෝ­ගිතා කොමි­සම තීර­ණ­යක් ලබා­ග­නීවි.

    පාරි­භෝ­ගි­ක­යන්ගේ පැත්තෙන් එන ඉල්ලීම, කර්මා­න්ත­ක­රු­වන්ගේ හා ආයෝ­ජ­ක­ය­න්ගෙන් එන ඉල්ලීම් සියල්ල සලකා බල­මින් විදු­ලි­බල මණ්ඩ­ලය ලාභ ලබන ආය­ත­න­යක් බවට පත් කර­ගැ­නී­මට නම්, අනි­වා­ර්යෙන්ම ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට යා යුතු වෙනවා. ඉංජි­නේ­රු­වන්ට සහ කාර්ය මණ්ඩ­ල­යට කිසිදු ප්‍රශ්න­යක් වෙන්නේ නැහැ. ඔබ දැන­ට­මත් සේවය කර­මින් ඉන්න ඒ ඒ අංශ­ව­ලට ඇතු­ළත් වෙන්න. එහෙම නැතුව කිසිම ප්‍රශ්න­යක් වෙන්නේ නැහැ.”

    (නුවන් කොඩි­කාර)


  • ලාංකීය සිනමාවේ සිංහයා; සේන සමරසිංහ

    1937 නොවෙම්බර් 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ දී නන්දසේන සමරසිංහ නමින් උපත ලද මොහු කලා ලොව තුළ සේන සමරසිංහ නමින් ප්‍රකට විය.

  • ලාල් කාන්තට වැඩ වරදී; හිරු සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

    කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහු ගේ නීතිඥවරයා විසින් හිරු මාධ්‍ය ජාලය වෙත යවන ලද ලිපියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන හිරුමාධ්‍ය ජාලයේ නීතිඥවරු ලාල් කාන්ත වෙත ලිපියක් යොමු කර ඇත.

  • ලාල් ගෙ ගේ ලොකු ද...?

    "ගෙයක්" කියන ශබ්දය කටින් පිට කරාම ඒක ඇහෙන කෙනාගෙ ඔළුවෙ මැවෙනව ගෙයක රූපයක්. 

  • ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවනවා- නාමල් රාජපක්ෂ

    කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.   

  • ලාෆ්ස් ගෑස් මිල වැඩි වෙයි

    ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර ඇත.

  • ලැජ්ජයි; කැතයි; නින්දිතයි

    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරය බඳු වගකිව යුතු තනතුරක් දරන තැනැත්තකු මාධ්‍යවේදීන් කෙරෙහි හැසිරිය යුතු අන්දම මෙසේ නොවිය යුතු බවත්, එවැන්නෙකු ගෙන් පොදු සමාජය අපේක්ෂා කරන්නේ වඩාත් පරිණත වෘත්තීයමය සහ ආචාර සම්පන්න හැසිරීමක් බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

  • ලැයිම් කාමරවල සිටින ජනතාව කුඩා තේ වතු හිමියන් ලෙස බල ගන්වන්න - සජිත් ප්‍රේමදාස

    අපේ රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන අතර ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක හෝ 40%ක හිමිකම් තිබෙන බවත්, මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ලිංගික අධ්‍යාපනයට එරෙහි වන්නෝ කවරහු ද?

    ළමයින් හට ලිංගික අධ්‍යාපනය ලබා දීමට එරෙහිව විවිධ ආගම් නියෝජනය කරන පිරිස් එදා 'හතේ අපේ පොත' අධ්‍යාපනික කෘතියට විරුද්ධ වූවා සේම නැවත වතාවක් විරුද්ධත්වය දක්විමට පෙලඹී සිටිති.

  • ලිංගිකත්වය පිළිබඳව ජවිපෙ කුහකත්වය සහ දෙබිඩි බව - Ideas front වීඩියෝවක්

    බටහිර සහ ලතින් ඇමරිකාවේ වාමාංශිකයින් ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම ලිබරල් ආකල්පයක සිට කටයුතු කළ ද අවාසනාවකට ජවිපෙ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙබිඩි සහ කුහක පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ලිංගිකත්වය සැඟවිය යුතු ද...? - සුභාෂිණි විෆ්ලර් ගෙන් පැහැදිලි කිරීමක්

    ලිංගිකත්වය සහ සමාජීය පදනම පිළිබඳව කතා නොකරන සමාජයක පැහැදිලි කිරීම් නැති බවත්, පැහැදිලි කිරීම් නැති සමාජයක දැනුම නැතුවා සේ ම තේරුම් ගැනීම් ද නැතැයි. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න