2025 රාජ්‍ය කෙටිනාට්‍ය සහ දිගු නාට්‍ය උලෙළ නොවැම්බර් 18වන දින සිටි 28වන දින දක්වා මරදාන එල්ෆින්ස්ටන් රගහලේ දී...
රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය,ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන රාජ්‍ය නාට්‍ය උලෙළ හා නොවැම්බර් 10වන දින සිට නොවැම්බර් 28 දක්වා සෑම දිනක ම සවස 06.30ට මරදාන ඒල්ෆින්ස්ටන් රගහලේ දී පැවැත්විමට කටයුතු යොදා ඇත.
නොවැම්බර් 10 සිට 18 දක්වා කෙටි නාට්‍ය උලෙළ පැවැත්වෙන අතර ඒ සඳහා අවසන් වටයට කෙටි නාට්‍ය 27ක් (සිංහල, දෙමල සහ ඉංග්‍රීසි) නිර්දේශ වී තිබේ.
නොවැම්ර් 19 සිට 28 දක්වා දිගු නාට්‍ය උලෙළ පැවැත්වෙන අතර ඒ සඳහා අවසන් වටයට නාට්‍ය 10ක් (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි) නිර්දේශ වී තිබේ.
මතු පළ වන්නේ එම නාට්‍ය නාම සහ ඒවා වේදිකා ගත වන දින පිළිබඳ විස්තරය යි.


