Image

රාගම නගරය කැළඹූ ‘හිසකෙස් කැපීමේ’ අමානුෂික ප්‍රහාරය: ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු දැලේ

රාගම නගරය කැළඹූ ‘හිසකෙස් කැපීමේ’ අමානුෂික ප්‍රහාරය: ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු දැලේ

රාගම නගරයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා දමා, අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමට ලක්ව ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි සිව්දරු මවකි. පොලිස් විමර්ශනවලට අනුව, අදාළ වෙළඳසැලේ සිදුවූ බව කියන සොරකමක් සම්බන්ධයෙන් මෙම කාන්තාව මීට පෙර අධිකරණයෙන් දඬුවම් ලබා තිබුණි. මෙම පහරදීම සිදුව ඇත්තේ එම සිදුවීමෙන් අනතුරුව බව අනාවරණය වී ඇත.

සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කළේය. ඒ අනුව

ප්‍රධාන සැකකාරිය ,පිරිමි පුද්ගලයන් හතර දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් අද (18) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මව මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

සමාජ විරෝධය: නීතිය ක්‍රියාත්මක වන රාමුවක් තුළ, පුද්ගලික ද්වේෂය මත නීතිය අතට ගනිමින් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් සමාජය පුරා දැඩි පිළිකුලක් සහ විරෝධයක් මතුව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න