රුසියානු සාහිත්‍ය කවයේ විසිවන සමරුව නිමිත්තෙන් පැවැත්වෙන රුසියානු සාහිත්‍ය සන්ධ්‍යාව ජනවාරි 29වන දා සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතේ, අංක 10 දරන ස්ථානයෙහි පිහිටි රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
'රුසියානු සාහිත්‍යය', ලෝකයේ බලවත් ම සාහිත්‍ය සම්ප්‍රදා අතරින් එකකි. පොහොසත් චිත්තවේගීය සහ ගැඹුරු මානුෂීය හැගීම් උද්දීපනය කරමින් නිර්මාණය වී ඇති මෙම කතා හුදෙක් විනෝදාස්වාදය ලබා දෙනවා පමණක් නොව; ජීවිතය, ආදරය, දුක් වේදනා සහ පැවැත්මේ අර්ථය පිළිබඳ ප්‍රශ්න අසමින් පාඨකයා සමග රැඳී සිටියි.
ගැටුම් නවත්වා ගාසා තීරය සාමකාමී තැනක් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත්වී සකස් කළ සාම මණ්ඩලයට, රුසියාවට මෙන්ම යුක්‍රේනයට ද ඇරැයුම් කර ඇත.
අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයින් වූ බවට චෝදනා ගොනු කර ඇප මත මුදා හැර ඇති රුහුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 15 කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ට නියෝග කළේ ය.
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම ඊයේ (15) දිනයේ වාර්තා කර තිබේ.
ඒ රුපියල් මිලියන 2,470ක බදු මුදලක් රැස් කරමිනි.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කිරීමට රේගුව සමත් වී ඇත.
2025 වසර සඳහා රේගුවට රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති අතර එම මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවනු ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.
මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබෙනමූලික අයිතිවාසිකම් පෙත්සම් 15 ක් පමණ අද අභියාචනාදීකරණය හමුවේ කැඳවනු ලැබුවේ ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවීම සිදුවිය.
එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින මෙම නඩුකරවලට පාදකවන වාහන ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරීමට හැකියාව තිබෙන බව දැනුම් දුන්නේ ය. ඊට අමතරව ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව අදාළ වාහන ලියාපදිංචි කිරීමට අවසර හිමි වන බවත් අතිරේක සොලිසිටර් සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ගෙන්වන ලද වාහන අතීතයේදී ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හැර තිබෙන බවත් රේගුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේ ය.
එසේ මුදාහල වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.
මෙම වාහන මුදාගැනීමේදී ආනයනකරුවන් විසින් ගෙවිය යුතු සියයට 35 ක අධිභාරය මෙම නඩුකරයෙන් පෙත්සම්කරුවන් සාර්ථක වුවහොත් යළි අයකර ගැනීමට හැකියාව තිබිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තර්ක කළේ ය.
මෙහිදී තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකර සමතයට පත්කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා ඉදිරි දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියේ ය.
ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන 22 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේ ය.
වලාන මධ්‍ය දූෂණ මර්දන ප්‍රහාරක බළාකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.
ලෝක ඉතිහාසයේ සිදුවූ වඩාත්ම බිහිසුණු සහ ආනුෂාංගික අපරාධයක් අද (03) ශත සංවත්සරය සනිටුහන් කරයි. 1919 ජනවාරි 15 වනදා බර්ලීනයේ දී ගාර්ඞ්-කවලහී-ශුට්සන් කොට්ඨාසයේ ෆ්‍රයිකොර් සෙබළුන් විසින් ඊට සති දෙකකට පෙර පිහිටවනු ලැබූ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩි) නායකයින් දෙදෙනා වන රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට් අත්අඩංගුවට ගන්නා ලදී.
කිසියම් රෝගියකු රෝහලකට ඇතුළත් කළ පසු එම පුද්ගලයාට අවශ්‍ය සියලු ඖෂධ සහ ප්‍රතිකාර උපකරණ (වෙළුම් පටි, ප්ලාස්ටර් යනාදිය) පවා පිටතින් මිලදි ගැනීමට සිදුව ඇතැයි රෝගී අයිතිවාසිකම් සුරුකීමේ සංවිධානයේ ලේකම් ලලිත් ධර්මසේකර පැවසී ය.
ඖෂධ, ශල්‍ය සහ වෛද්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන උපකරණ සහ ප්‍රතික්‍රියක මෙන්ම විකිරණශීලී පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන උපකරණ සියල්ල අඛණ්ඩව හිඟයකින් තොරව සමස්ත රෝහල් පද්ධතියටම ලබා දීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
වෛද්‍යවරුන් විදෙස් ගතවීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති වෛද්‍යවරුන්ගේ හිඟය නිසා පර්යන්තයේ රෝහල් ගණනාවක රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
ස්ථාවර රාජ්‍යයක් සහ ශක්තිමත් ශ්‍රම බලකායක් බිහි කිරීමෙහිලා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ විශාලතම ආයෝජනය වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
මාලිගාවත්ත වකුගඩු රෝහලේ ගැටලුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7ක කාලය බදාදායින් අවසන් වන බැවින් එදිනට පෙර සාධාරණ විසදුමක් ලබා නොදෙන්නේ නම් ඒළඹෙන 28වන දා සිට විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අඛණ්ඩ වෘත්තීය අරගලයකට අවතීර්ණ වන බව එම සංගමය ප්‍රකාශ කරයි.
මියෙන්මාරයෙන් පලායන රෝහින්යා සරණාගතයින් රැගත් යාත්‍රාවක් තායිලන්ත - මැලේසියා දේශ සීමා ආසන්න මුහුදේ ගිලී යයි.
ලක්මාලි හේචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය අධිකරණ නියෝගයක් පිළිබඳ කළ ප්‍රකාශය පිළිබඳ සිය අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන්නේ මන්ත්‍රීවරිය කළ සම්පුර්ණ ප්‍රකාශය පිළිබඳ සලකා බැලීමේ දී ඇය අධිකරණයට අපහාස කළා යැයි තමන් විශ්වාස නොකරන බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ ada derana youtube නාලිකාව ඉදිරිපත් කරන 360 වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.
එමෙන් ම මෙම නඩුකටයුත්තේ දී අධිකරණය ලබා දී ඇති තීන්දුව අනුව වින්දිතයින් බවට පත්ව ඇති පිරිස ඉඩමෙන් ඉවත් කිරිම සඳහා දින වකවානු නියම කර නොමැති බැවින් ඔවුන්ට කිසියම් කාලයක් ලබා දීම සාධාරණ යැයි ද අධිකරණ අමාත්‍යවරයා පැවසී ය.
පූර්ණ හානි සඳහා ලක්ෂ 50ක සහනයක්, අර්ධ හානි සඳහා රු. ලක්ෂ 25ක සහනයක් දෙනවා යැයි පැවසුව ද අවම වශයෙන් මරණයක් සඳහා වන රු. ලක්ෂ 10 හෝ නිසි පරිදි ලබා දි නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
2019 වසර වන විට එදිනෙදා ජීවිකාව සරි කර ගැනීම සඳහා විවිධ රැකියාවල නියුක්ත පිරිස ලක්ෂ 35ක් සිටි බවත්, කොවිඩ් වසංගතය හේතුවෙන් රට වැසූ සැණින් එම පිරිස බරපතළ අර්බුදයකට මුහුණ පෑ බවත් මේ ව විට එම පිරිස යළි අර්බුදයට මුහුණ පා ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
සහන මුදල: හානියට පත් සෑම නිවසකටම රුපියල් ලක්ෂ 5ක්
නල්ලතන්නිය මස්කෙළිය සමාගමට අයත්, ලක්ෂපාන වත්තේ තේ කර්මාන්ත ශාලාවේ අද (09) අලුයම හට ගත්ත හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ විශාල ප්‍රමාණයක් දැවී විනාශයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
අද (08) දින අලුයම 1.30 ට පමණ හටගත් මෙම ගින්න නිවා දැමීමට නල්ලතන්නිය පොලිසිය, මවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වතුයායේ කම්කරුවන් සමග එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

