ප්‍රකට දෙමළ කවියකු සහ නවකතාකරුවකු වන දීප චෙල්වන් ප්‍රදීපන් විසින් රචිත, ම් වනස විට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති කෘතිවල පිටපත් තොගය නිදහස් කිරීමට රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය බවත්,
සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය ප්‍රකාශ කරන ලිපිය ලැබුණු පසු රේගු පනතට අනුව කෘති පිටපත් තොගය නිදහස් කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා ‘ලංකාදීප’යට ප්‍රකාශකර ඇත.
මේක පොදු නීතියක්
රේගු දෙපාර්තමේන්තුව, පොත් පමණක් නොව වෙනත් ද්‍රව්‍යය ද කිසියම් හානියක් වන්නේ දැයි සැකය මත රඳවා ගැනීම සාමාන්‍ය තත්ත්වක් යැයි පවසන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ අදාළ භාණ්ඩය හෝ ද්‍රව්‍යය ඊට අදාළ වන නියාමන ආයතනයේ හෝ ආයතනවල අනුමැතිය ලැබුණු පසුව නිදහස් කරන බවයි.
රේගු දෙපාර්තමේන්තුවට ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් සීමා පවතින බව පවසන හෙතෙම, උදාහරණයක් ලෙස කිසියම් පොතක අන්තර්ගතය තුළ මහජන කැළඹීමක් ඇතිවීම, කිසියම් ආගමකට හෝ ආගමික ශාස්තෘවරයෙක්ට හානියක් වන්නේ නම් එවැනි පොතක් භාරයට ගෙන සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය ගැනීම අනිවාර්ය බවත් එය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වීම නිසා කිසිවකු කළබලවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කියා සිටියි.
දැන් තීරණය සාහිත්‍ය අනුමණ්ඩලයට බාරයි
දීප චෙල්වන් ප්‍රදීපන් රචනා කළ කෘති හතරක පිටපත් 360 ක් ශ්‍රී ලංකා රේගුව පසුගිය මාර්තු මස 18 වැනිදා රේගු භාරයට ගෙන ඇති අතර එම කෘති භාරයට ගැනීම පිළිබඳව මාර්තු මස 27වන දා ලේඛකයාට දැනුම් දී ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ රේගු අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ගේ සහභාගිත්වෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැති අතර එහිදී ගැටලුව හැකි ඉක්මණින් විසදීමට දෙපාර්ශවය එකඟවී ඇත.ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මෙම ගැටලුවට මැදිහත්ව එය විසඳාගැනීමේ කටයුතු කරමින් සිටින අතර රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය තුළ මෙම සිද්ධිය පිළිබඳව ඇතිවූ මතගැටුමක් හේතුවෙන් එහි සාමාජිකාවක් වන ප්‍රවීණ ලේඛිකා මාලති කල්පනා ඇම්බ්‍රෝස් එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූවා ය.

සබැදි පුවත්
ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත
දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට
දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?
දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව
දීපචෙල්වන් ගේ කෘති පිළිබඳ අද (17) සිදු වූයේ කුමක්ද ?
ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉරණම තීන්දු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය ද...? - දීපචෙල්වන් විමසයි
කිසිම තත්ත්වයක් යටතේ අදහස් මරා දැමීමට ඉඩ දිය නොහැකි ය
වටේ ගියා ඇති, දැන්වත් වැඩේට බහින්න!
කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස් වෙයි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
