නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කලු ජනවාරි සැමරුම මෙම මස 19 වැනිදා උදෑසන දහයට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී සිදු කෙරේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ "යුක්තිය උදෙසා ගත යුතු මඟ" මෙවර සැමරුමෙහි තේමාව බවයි.
'කළු ජනවාරිය' බිහි වූයේ ඇයි...?
මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එරෙහි අපරාධ ගණනාවක් සිදු වූ පසුගිය දශක දෙකෙහි වැඩිමනත් ඝාතන සහ අතුරුදන් කිරීම් මෙන්ම පහරදීම්ද ජනවාරි මාසයේ සිදුව ඇත. ජනවාරි සැමරුම් කළු ජනවාරිය ලෙසින් සිහිපත් කරන්නට හේතුව එයයි. කළු ජනවාරිය මැයෙන් මෙම සැමරුම් ආරම්භ කළේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යි. මේ වනවිට පාර්ශව ගණනාවක් එම තේමාව භාවිතා කරමින් මාධ්‍යයට එරෙහි අපරාධවලට යුක්තිය ඉල්ලා සිටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එය සතුටට කරුණක් බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ එතුළින් මෙම අපරාධවලට එරෙහි පුළුල් මතයක් ගොඩ නැංවීමේ සිය අභිලාෂය සාර්ථක වන බවයි. එම නිසා "කළු ජනවාරි" තේමාවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට විවිධ කඳවුරුවල සහ වේදිකාවල සිටිමින් දායක වන සියලු පාර්ශවවලට ආචාරය පුද කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
අනීතික දණ්ඩ මුක්තිය අහෝසි කරනු
සමාරම්භකයෝ කවුරුන් වූව ද කිසියම් හෝ යුක්තිය ඉල්ලීමේ ව්‍යාපාරයක් ඉදිරියට යා යුතු වන්නේ සියලු දෙනා ගේ දායකත්වය තුළිනි. එහෙත්, කළු ජනවාරිය අනුස්මරණය කළ පමණින් යුක්තිය ඉටුවන්නේ නැත. ඉතිහාසය මුළුල්ලේ යුක්තිය වෙනුවෙන් පුරෝගාමී හා වඩාත් පුළුල් සටනක යෙදුණු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බල කිරීම වන්නේ අනීතික දණ්ඩ මුක්තිය අහෝසි කිරීමයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ අපරාධවල වින්දිතයන් වූ මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නොපමාව යුක්තිය උදා විය යුතු බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ පමා වී ඉටුවන යුක්තිය සැබෑ යුක්තියක් නොවන බවයි. පසුගිය යහපාලන රජය මෙන්ම පවතින මෙම රජයද යුක්තිය ඉටු කිරීමේ පොරොන්දු පෙරදැරිව බලයට පැමිණිය ද එය ඉටුකිරීමෙහිලා අසමත්ව ඇති බවක් දකින්නට ලැබේ. එම නිසා මෙවර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සැමරුම "යුක්තිය උදෙසා ගත යුතු මග" යන තේමාවෙන් සිදු වේ.
එහිදී මාධ්‍යවේදීන් වන සුනිල් ජයසේකර, හනා ඊබ්‍රාහිම් සහ ආර්. රාම් කුමාර් කෙටි අදහස් දැක්වීම් සිදු කරන අතර සංවාදයට දායක වන්නේ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, නීතීඥ උපුල් කුමරප්පෙරුම, සහ ජනමාධ්‍ය පර්යේෂක විජයානන්ද ජයවීර ය. මාධ්‍යවේදී අමල් ජයසිංහ සංවාදය මෙහෙයවයි.
යුක්තිය අගයන සියලු පාර්ශවවලට මෙම අවස්ථාවට එක්වන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය ආරාධනා කරයි.


