යාපනයේ තෛපොංගල් උත්සවයට ජනපති එක් වෙයි

යාපනයේ තෛපොංගල් උත්සවයට ජනපති එක් වෙයි

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේ දී ඊයේ (15) සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක  සහභාගී විය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස මේ වන විට යාපනය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගෙන ඇත.

මෙම තෛපොංගල් උත්සවය දෙමළ සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් විය.

මෙහිදී අදහස් දැක් වූ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සඳහන් කළේ ‘තෛ මාසය උදාවීමත් සමග නව මාවතක් විවර වේ' යැයි කියමනක් තිබෙන බවයි. රට නව මාවතක ගමන් කිරීම වැළැක්වීමට ඇතැම් දේශපාලඥයින් ගත් උත්සාහය අසාර්ථක වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා රට ගොඩනැගීම සඳහා සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනතාව එකට එක් විය යුතු බව ද සඳහන් කළේ ය.

ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු ද, යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

akd2

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න