මොරටුවේ කුණු ගොඩගැසේ නගර සභාව නිදි !!!

මොරටුවේ කුණු ගොඩගැසේ නගර සභාව නිදි !!!

මොරටුව නගර සභාව සඳහා නව පාලනය පත්වීමෙන් පසුව නගරයේ කුණු ඉවත් කිරීමේ කටයුතු අඩාලවි ඇතයි වාර්තාවේ.

මොරටුව ගාලු පාර ආශ්‍රිතව කුණු ඉවත් කිරීමේ කටයුතු තරමක් දුරට සිදුවුවත් අභ්‍යන්තර පාරවල්වල කුණු ගොඩවල් ගොඩ ගැසී තිබේ.

නගරයේ මෙම සේවාවන් සඳහා වරිපණම් ගෙවීම නිසි ලෙස කළ යුතු බවට නගර  සභාව ජනතාවට දැනුම් දී ඇතත් කුණු ඉවත් කිරීම වැනි මහජන සේවා ගැන නගරාධිපතිවරයාගේ කිසිදු අවධානයක් නොමැති බව පැහැදිලිව පෙනේ.

රාවතාවත්ත සහ කටුබැද්ද අවට දමැල් පාර ඇතුළු අතුරු මාර්ග වලින් කුණු ඉවත් නොකිරීම නිසා බරපතළ පාරිසරික ප්‍රශ්නද හටගනිමින් පවතී.

මේ පිළිබඳව පළාතේ‍ මන්ත්‍රීවරයා වන අධිකරණ  අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේද අවධානය යොමු කොට පළාතේ පවිත්‍රතාව රැකගැනීමට පියවර ගන්නා මෙන් ප්‍රදේශවාසී ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

 

moratuwa2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න