මහජන බැංකුව, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගා සිටුවීම සඳහා ණය ලබා දීම අරඹයි

මහජන බැංකුව, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගා සිටුවීම සඳහා ණය ලබා දීම අරඹයි

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ණය යෝජනා ක්‍රමයේ පළමු ණය නිදහස් කිරීම මහජන බැංකුව ආරම්භ කරයි.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වන පළමු ණය මුදල මහජන බැංකුව කල්පිටිය ශාඛාව විසින් පසුගියදා කල්පිටිය ප්‍රදේශයේ සම්භාණ්ඩ නිෂ්පාදනයේ නිරත ව්‍යාපාරිකයකු වෙත ප්‍රදානය කරන ලදී.

මෙම ආපදා සහන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ රු.මිලියන 1.0ක් දක්වා 3% ක පොලී අනුපාතයක් මත ණය පහසුකම් ලබාගත හැකි වන අතර, මහජන බැංකුව විසින් රටපුරා පිහිටි තම ශාඛා ජාලය තුළින් ණය පහසුකම් පිරිනැමීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇතැයි මහජන බැංකුව ප්‍රකාශ කරයි.

 

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න