මහන්තත්ත්වය පසෙක තබා වෘත්තිය සමිතිවලට සහ වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන ලෙසත් පාතාලයේ කණ්ඩායම් මිනිසුන් ඝාතනය කිරීම වැළැක්වීමට වැඩපිළිවෙළක් යොදන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කළේ ය.
ඔහු මෙම ඉල්ලීම කළේ අද (19) පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
පාතාලය හිස ඔසවලා
''අප ඉල්ලන්නේ ඔබ තමුන්නාන්සේලාගේ ඔය පටුමානසිකත්වය වෛරය, ඔය මහන්තත්තකම පැත්තක තියලා මේ වෘත්තිය සමිතිවලට, වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්න.ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පුද්ගලයන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා. පාතාලය හිස ඔසවලා තියෙන්නේ. මිනිසුන්ව මරනවා. ඉතිං ඒක නවත්තන්න වළක්වන්න යම් සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලත් ඉල්ලනවා.
ගොවියා පාගා දමා ව්‍යාපාරිකයො ශක්තිමත් කරනවා
ආනයනය සම්බන්ධයෙන් බදු ගැන කතා කරනකොට ඉතින් ඕක තමුන්නාන්සේලා ගේ ආණ්ඩුව බලයට ආවේ ගොවියා ශක්තිමත් කරලා මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියලා. ඉතින් අද ගොවියා ධීවරයා ගේ ශක්තිමත් කරන එක කෙසේ වෙතත් පිටරටින් කන්න ගෙනල්ලා ව්‍යාපාරිකයා ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් නම් යනවා. පිටරටින් ගේන ආහාරවල එලවළු පලතුරුවල බදු අඩු කර කර ලංකාවේ ගොවියට යන එන මං නැති කිරීමක් නම් කරන බවක් පේනවා. හැබැයි ඔබතුමාලා බලයට ආවේ කොහොම ද...? දේශීය ගොවියා ආරක්ෂා කරනවා, ගොවි සංවිධාන හදලා ගොවියන්ට කතා කරනවා කියලා. දැන් වී මිලදී ගන්න බිලියන දහයක් වෙන් කරා කිව්වා ආණ්ඩුව. හැබැයි අද වෙනකොටත් ගොවියන්ට සාධාරණ මිලකට වී ටික අලෙවි කරගන්න බැරිවෙලා තියෙනවා. ඒකට ගොවි සංවිධාන කතාකරනවා. ගොවි සංවිධාන ඒ පිළිබඳව අහනවා ආණ්ඩුවෙන්. විපක්ෂට කියනවා. හැබැයි ඔබ මොකක්ද උත්සාහ කරන්නේ අප සුපුරුදු මර්දනයට ගෙනල්ලා ගොවිය පාගලා දාලා හරි කමක් නැහැ තමන්ගේ ව්‍යාපාරිකයෝ ටික ලව්වා හාල් පිටරටින් ගෙන තැනට ඔබ පරිවර්තනය වෙලා තියෙනවා. අඩු ගානේ ඔබ තමුන්නාන්සේලාට ඔය පිටරටින් ගේන ව්‍යාපාරිකයන්ගෙන් හෝ යම්කිසි අවශ්‍යතාවයක් තිබුණා නම් බදු අඩු කරාට කමක් නෑ. සාමාන්‍ය මනුස්සයන්ට බදු වැඩි කරනවා පිටරටින් ගේනකොට බදු අඩු කරනවා. ඒක ඔබේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්.
රටට ම ගමනක් නැති වෙයි ද...?
බයිසිකලයක්වත් ගන්න බැරි ගොවියෙක් අන්තිමට මහපාරටම ඇදලා වැටෙන තැනට ආර්ථිකය කඩන් වැටිලා තියෙනවා.පොහොර ටික වෙලාවට දුන්නේ නැහැ.පොහොර සහනාධාරය දෙන්න පොරොන්දු වුණා. මිලදී ගන්නේ නැහැ.වගා හානි දිට්වා සුළි සුළඟේ කුණාටුවෙන් වගා හානි වුණා භූමිය හානි වුණා ඒවට වන්දි ගෙවන්නේ නැහැ. දැන් ගෙවල් දෙනවයි කිව්වා ඉඩම් බලලා කිව්ව තියෙන්නේ අපි ගියාම ඔබතුමන්ලා ගේ පක්ෂයේ අය .හැබැයි කෝ අන්තිමට. තවම මේ ජනතාව කොතනද ඉන්නේ කියලා කොතෙන්ට ද යන්න ඉන්නේ කියලා අවබෝධයක් නෑ. තහඩුවකට ලක්ෂ දහයක් දෙනවා කිව්වා. ඉඩමට පනහයි ගෙදරට පනහයි ලක්ෂ සීයයි. ලක්ෂ සීය බලාපොරොත්තුවෙන් ජනතාව තමන් ගේ ජීවිත බේරගෙන ගියේ ජනාධිපතිවරයා විශ්වාස කරලා. හැබැයි ඊට සතියකට කලින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවෙ දි කිව්වේ බොරු කියන්න ඕනනම් පාර්ලිමේන්තුවේ කියන්න ඇත්ත කියන්න ඕනනම් එළිය කියන්න ඕන කියලා. ඒ දෙකම වුණා. බොරුවකුත් කිව්වා පාර්ලිමේන්තුවේදිත් කිව්වා. හැබැයි අපි කරුණාකරලා ආණ්ඩුවටට කියන්නේ ඔබ ගොවියා ආරක්ෂා කරන්න ධීවරයව ආරක්ෂා කරන්න.ගොවියා ධීවරයා ආරක්ෂා නොකර ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්නේ නැතුව ඔබතමුන්නාන්සේලාට ඉදිරියට ගමනක් නැතිවෙනවා. රටට ගමනක් නැති වෙනවා.
ඡන්ද දායකයා ගේ බලාපොරොත්තු ඉටු කරන්න
බිලියන දහයක් වෙන්කරල අර ට්‍රිලියනයක් ගිණුමේ තියෙනවා කිව්වා ඕන වෙලාවක වන්දි ගෙවන්න පුළුවන් කිව්වා.ට්‍රිලියනයක් තියෙනවා කියලා වන්දි ගෙවන්න ආවා. දීපු චෙක් ටිකත් රිටන් වුණා. දීපු චෙක් ටිකත් ආපස්සට ඇවිල්ලා. ඉතිං ඔය ට්‍රිලියන දහය තියාගෙන ගිණුමේ තියාගෙන ඉන්නේ නැතුව, ඒ ගිණුමේ තියෙනව ද වෙන කාගේ හරි ගිණුමකට බැර වෙලා ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි ඔබෙන් කරුණාකරලා ඉල්ලන්නේ ගොවියන්ගේ ප්‍රශ්නෙට ඔබ මැදිහත් වෙන්න.පහුගිය දවසේ මාදැල් ධීවරයෝ ආවා. උපාධිධාරීන් ආවා ජනාධිපතිතුමා හම්බුනාම ජනාධිපතිතුමාට හොඳ කියාගෙන යනවා. දැන් අපි බලන් ඉන්නේ ඔබ තමුන්නාන්සේලා දීපු පොරොන්දුව ඉටු කරනව ද ඔය මැතිවරණ කාලේ මේ හැමෝම ඔබ වෙනුවෙන් වැඩ වැඩ කරපු අය. ඔබට ඡන්දෙ දීපු අය. ඔබට හම්බෙන්න අයිතියක් තියෙනවා. ඔබට හම්බවෙන්න යුතුකමක් තියෙනවා සහ ඔබ වෙනුවෙන් ඡන්දයට වැඩ කරානම් ඡන්දෙ දුන්නනම් ඒ අයගේ අහිංසක බලාපොරොත්තු ඉටු කරන්න ඔබට වගකීමක් තියෙනවා.
ඊශ්‍රායල් රැකියා පුද්ගලික අංශයෙන්...?
දැන් ඊශ්‍රායලය රැකියාවට යන අය විශේෂයෙන් ම නිෂ්පාදන ක්ෂේත්‍රයේ. ආණ්ඩුවේ කෝටා එක පෞද්ගලික අංශයට දෙනව. ඒ 750කට යන්න ලෑස්ති වෙන්න කිව්වා ඊශ්‍රායලයට යන්න. ඔබතුමන් ගේ නිලධාරීන් ඇමතිවරයා. අද වෙනකොට ඇමැතිවරයා හම්බෙන්න බැරිවෙලාා තියෙනවා. නියෝජ්‍ය ඇමතිවරයා ගෙන් වෙලාවක් ගන්න බැරිවෙලා තියෙනවා. බියුරෝ එකට ගියාම බැණලා එළවා ගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ ඊශ්‍රායල් එක කණ්ඩායමක් පමණයි හත්සීය පනහ. ඒ අතරේ තවත් ලෑස්ති කරනවා ආණ්ඩුවෙන් යවන්න. දැන් ට්‍රේනින් එක ඉවර කරලා යන්න ලෑස්ති වෙන්න කියලා ඒ අය යන්න බලාගෙන ඉන්නවා. අවුරුද්දක් මාස දහයක් දොළහක් යාගන්න බැරිවෙලා තියෙනවා. ඔබ මොකද්ද කරන්නේ තවත් කට්ටිය පිටිපස්සෙ එකතුු කරගන්නවා ආයේ යවනවා කියලා. හැබැයි විශාල මුදලකට පෞද්ගලික අංශයෙන් යවනවා. දැන් ආණ්ඩුවෙන් වැදිච්ච කෝටා එකෙන් යන්නේ නැහැ. හැබැයි සල්ලි තියෙන කෙනාට ඔබ තමුන්නාසෙලා සම්බන්ධ ද නැද්ද කියන්නේ මම දන්නේ නෑ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න කීප දෙනෙක්ගේ වෙන්න පුළුවන්. මේක හරි අසාධාරණයි සහ ගරු සභාපතිතුමිය. මේක වෙන්න දෙන්න එපා. ආණ්ඩුවට කියන්නේ මේක වෙන්න දෙන්න එපා. මේ 750ට සාධාරණයක් ඉෂ්ට කරන්න. අර රස්සාවලිනුත් අයින් වෙලා. ඔබට සහයෝගය දීපු යම් ඒජන්සි තියෙනවා නම් ඒ කට්ටියට යවා ගන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ 750ට සාධාරණයක් ඉෂ්ටකරන්න. මේ එක ක්ෂේත්‍රයක් විතරයි. කොරියාව යන අයටත් මේ හා සමානව ගැටලුවක් පෙන්නලා තියෙනවා. මේවට අඩුම ගානේ ඇහුම්කන් දෙන්න.
සංවිධානාත්මක අපරාධ කල්ලි පිටුපස ආණ්ඩුව...?
හැබැයි ඔබ තමුන්නාන්සේලාට ජාතික ආරක්ෂාව ගැන කියන්න හදනවා. ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන්. ඔව් අපේ රටේ ඉතිහාසයේ ඉඳන්ම හැම අවස්ථාවක ම යුද්දෙ පවතින වෙලාවක දී පවා අපිත් ජාත්‍යන්තර තරගාවලි පැවැත්තුවා. ආරක්ෂිතව පැවැත්තුවා. අපේ කණ්ඩායම එකපාරක් පකිස්ථානයට ගිහිල්ලා අපේ කණ්ඩායමට වෙඩි තිබ්බා. හැබැයි ඒ තියෙද්දිත් අපි පුන පුනා පකිස්ථානයට ගියා. අනුර කුමාර ජනාධිපතිතුමා ගේ කාලසීමාවේදී පවා පකිස්ථානයට ගියා. එතකොටත් පකිස්ථානයේ බෝම්බයක් පිපිරුවා. අපේ කණ්ඩායම ලංකාවට ගෙන්නුවේ නැහැ. ආණ්ඩුව මැදිහත් වුණා ක්‍රිකට් බෝඩ් එක මැදිහත් වුණා ඒ තමන්ගේ තියෙන සබඳතාවය ආරක්ෂා කරා. ඒක වෙන්න ඕනේ. සහ ජනාධිපතිවරයා ගේ මැදිහත්වීමත් තියෙනවා නම් ක්‍රිකට් බෝඩ් එකේ මැදිහත්වීමත් තියෙනවා නම් ඒක වෙන්න ඕනේ. ඒක හොඳයි. හැබැයි ඔබ තමුන්නාන්සේලා ජාතික ආරක්ෂාවයි පුරවැසියාගේ ආරක්ෂාවයි තහවුරුයි කියලා ඔබතුමන්ලා ගේ පක්ෂකාර්‍යාලයට යන පාරේ එහා පැත්තේ අකුරෙගොඩ කෑම්ප් එක එහා පැත්තේ නීතිඥවරයෙක් සහ බිරිඳක් ඝාතනය වෙනකොට ඒකට දෙන උත්තරේ මොකක්ද. හමුදා මූලස්තානෙ ගාව ඒකට දෙන උත්තරේ මොකක්ද. විනාඩි දහය පහළොවක් යන්න කලින් විෂය භාර ඇමතිවරයා මොකක්ද කියන්නේ. 'මේ පාතාල ක්‍රියාකාරකම් කරන පාතාල සංවිධාන අතර පිරිසක්. ඒ නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවෙන් වෙනුවෙන් පෙනී ඉන්නවා.' මෙන්න ආණ්ඩුවේ උත්තර. අපි අහනවා හර්ෂණ නානයක්කාර අධිකරණ අමාත්‍යවරයා නීතිඥවරයෙක්. එතුමා ගේ සේවා දායකයෝ දිහා බැලුවම කියන්න පුළුවන්, හැබැයි මම කියන්නේ නැහැ. ඒක මම කියන්නේ නැත්තේ ගෞරවය නිසා. නීති වෘත්තියට තියෙන ගෞරවය නිසා. හැබැයි ඉතින් එතුමත් සංවිධානාත්මක අපරාධකාරයෝ ආශ්‍රය කරල තියෙනවනේ. දැන් එතකොට ඔබතුමන්ලා මහලොකුවට ප්ලේන් එකේ කරේ තියාගෙන ආපු අයට පෙනී හිටියේ නැද්ද කියලා. අහල බලන්නකෝ හැබැයි ඒක වෘත්තිය. ඒ හින්ද අපි අභියෝග කරන්නේ නැහැ. හැබැයි ඔබ තමුන්නාන්සේලා මොකක්ද කරන්නේ නීතිඥවරයා ඝාතනයට ලක් වුණාට පස්සේ. සම්පූර්ණයෙන් සාධාරණීකරණයට ලක් කරන උත්සාහාහ කරනවා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඇඟට දාලා. ඒ කියන්නේ පැහැදිලිවම සමහර සංවිධානාත්මක අපරාධ කල්ලි පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා. ඒක පැලවත්තේන් පාලනය වෙනව ද ජනාධිපති කාර්යාලයෙන් පාලනය වෙනවද අගමැති කාර්යාලයෙන් වෙනවද අපි දන්නේ නැහැ.
රණවිරුවා කියන්න ආණ්ඩුවට ලජ්ජයි ද...?
අග්‍රාමාත්‍යවරිය ගියා මන්නාරමේ. ගිහිල්ලා යුද්දෙ ඉවර කරේ එතුමිය ගෙන් අහලා නෙවෙයිලු. එතකොට 88/89 මේ සිද්ධි උනෙත් අහල ද...? යුද්ධයක් තිබ්බා ත්‍රස්තවාදයක් තිබ්බා ඒක ඉවරයි. හැබැයි තවදුරටත් ඔබතුමාලා ජාතිවාදය අවුස්ස ගෙන ඒ පැතිවලට ගිහිල්ලා මිනිස්සුන් ගේ හදවත් එක්ක සෙල්ලම් කරන්න උත්සාහ කරනවා නම් ඒක සාධාරණ නැහැ. ඔබතුමන්ලාට කටක් ඇරලා රණවිරුවට රණවිරුව කියන්න බැහැ. නිදහස් දිනයට රණවිරුවා කරපු කාර්ය ගැන කතා කරන්න බැහැ. හැබැයි ආණ්ඩුවේ ආයතනයක උද්ඝෝෂණයක් යනවා නම් ඒකෙ කෝච්චි පෙට්ටිය එළවන්න රණවිරුව පාවිච්චි කරන්න හොඳයි. හැබැයි රණවිරුව කියන්න බැහැ. යුද්ධ ජයග්‍රහණය කරපු ගැන කතා කරන්න තහනම්. ලැජ්ජයි ඔයාලට. මට ලැජ්ජ නැහැ ඔයාලට ලැජ්ජයි. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කුණාටුවක් ආවොත් සුළි සුළඟක් ආවොත් කෝච්චි ස්ට්‍රයික් කළොත් බස් ස්ට්‍රයික් කරොත් දුවගෙන යන්නේ කා ගාවට ද...? ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි. ගිහිල්ලා කියනවා අපිට මේකට උදව් කරන්න කියලා. හැබැයි ඒ අයට ගෞරවයක් දෙන්න ඒ අය වෙනුවෙන් කතා කරන්න ඔබට හැකියාවක් නැහැ.
වල් පැළ වෙනුවට ආ මල් පැළ කෝ...?
ඔබ උත්සාහ කරන්නේ මොකක්ද මර්ධනය කරලා බය කරලා ඔබ ගේ ආණ්ඩුව අරගෙන යන්න. අපි දැක්කා වෛද්‍යවරුන්ට ඔබ ගේ මතය වෛද්‍යවරුන් ගේ අයිතියක් ගැන ඔවුන් කතා කරා ඔවුන් ගේ ඉල්ලීම් තියෙනවා.ඒවට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒවට ඇහුම්කන් දෙන්න ඔබතමන්නාසේලාට වගකීමක් තියෙනවා. හැබැයි ඇහුම්කන් දෙන්නැතුව මොකක්ද කරන්නේ...? වෛද්‍යවරුන්ට කියන්න උද්ඝෝෂණය කරලා බලන්නකෝ කියලා, එහෙමත් නැත්නම් වෘත්තිමය ක්‍රියාමාර්ගය ගැන අපි බලාගන්නම් කියලා ජනතාව බලාගනීයි කිව්වා. ඔහොම තමයි ඔබ තමුන්නාන්සේලා අරගලය වෙලාවෙත් උසිගන්වලා දොළොස් දෙනෙක් පෝරකයට යැව්වේ. අරගලේ වෙලාවෙත් ඔහොමම තමයි ඔයාලා උසි ගන්වලා මිනිස්සු පාරට බස්සලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරාගෙන අද දොළොස් දෙනෙක් එල්ලුම් ගස් ගියා මෙහයවපු කට්ටිය රජවුනා. කතා කරන්න කෙනෙක් නෑ ඒ මිනිස්සුන්ට ඊට පස්සේ. ඒ හින්දා කරුණාකරලා ඔබ තමුන්නාන්සේලා පටු මානසිකත්වයකින් මේ දිහා බලන්න එපා. මේ රටේ ආර්ථිකය ගොඩනගන්න සමාජය ගොඩනගන්න ජන ජීවිතය ගොඩනගන්න පැහැදිලි දැක්මක් එක්ක යන්න. දැන් ඔබතුමාලා වල් පැළ අයින් කරලා මල් පැළනේ ගෙනාවේ එකසිය පනස්නවයක්. ඒ කාලේ කිව්වේ කදිරිගාමර් මහත්තයා වගේ එකසිය පනස් නවයක් පාර්ලිමේන්තු ආව කිව්වේ.
කුඩු කන්ටේනර් දෙක එළියට දාන්න අවසර දුන්නෙ කවුද...?
පාස්පෝට් දාහතක් හදන් ගියා තාම දන්නෙ නෑ හදන් ගියේ මොකාද කියල. හැබැයි එන්නේ හොරු අල්ලන්න. තමන්ගේ අමාත්‍යංශයේ පාස්පෝර්ට් ටිකක් හොරාට හදන් ගියා ලේකම් කෙනෙක් ආණ්ඩුව අවා විතරයි. දැන් අද වෙනකන් ඇල්ලුව ද...? කවුද පාස්පෝට් හදන් ගියේ කියලා. නෑ... කන්ටේනර් 323පැන්නුවා වරායෙන්. අපි අහනවා අදටත් අර කුඩු කන්ටේනර් දෙකක් වරායෙන් එළියට දැම්මා කිව්වා. කුඩුකන්ටේනර් දෙකක් එළියට දාලා මිද්දෙණියට ගියා කිව්වා. අපි ආණ්ඩුවෙන් අහනවා කවුද ඒ කුඩු කන්ටේනර් දෙක එළියට දාන්න ආණ්ඩුවෙන් ලියුම දුන්නෙ කියලා. ජාත්‍යන්තර බුද්ධි අංශයෙන් තොරතුරක් තියෙනව නම් කිසි දවසක මේ රටේ කස්ටම් එකට හෝ වරායට ලිඛිත දැනුම් දීමකින් තොරව ඒ කන්ටේනර් දෙක එළියට දාන්න බැහැ. අපි අහනවා ලියුම දුන්නේ ජනාධිපතිතුමා ද, ලියුම දුන්නේ පොලිසිය භාර ඇමතිවරය ද, ලියුම දුන්නේ පොලිස්පතිවරය ද...? මේ තුන්දෙනා ගෙන් කවුද කුඩු කන්ටේනර් දෙක එළියට දාන්න අවසර දුන්නෙ.''

