ඡායාරූපයේ සුදු පැහැ කමිසයකින්සැරසී සිටින්නේ මහ දිසාපති උඩවත්තය
පසුගියදා මහනුවර කච්චේරියේ ගංවතුර සහ නාය යාමේ ආපදාව සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.
මෙම රැස්වීම සඳහා සහභාගිවීමට පැමිණි මහනුවර දිස්ත්‍රීක්කය නියෝජනය කරන මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක දිසාපතිවරයාගේ පුටුවෙහි
අනවසරයෙන් අසුන් ගෙන රැස්වීම මෙහෙයවීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි බොහෝ දෙනා විමතිය පළ කළේය.
මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියාවෙන් බෙහෙවින් අපහසුතාවයට පත් වූ මහ දිසාපති උඩවත්ත, තමන්ගේ නිලඅසුන අසලින් සාමාන්‍ය පුටුවක් තබාගෙන සිය රාජකාරි කටයුතු කලේය.
මේ අවස්ථාවේ මේ ස්ථානයට පැමිණි විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද පසුව මේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේදි සිය විරෝධය පලකරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
