ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.82 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සදහන් කරයි.
මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 13.1% ක ඉහළ යාමකි.
මේ අතර සංචිත වත්කම් තුල අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2025 නොවැම්බර් මාසයේ පැවති ඩොලර් මිලියන 5,944 සිට ඩොලර් මිලියන 6,734ක් දක්වා 13.3% කින් පසුගිය 2025 දෙසැම්බර් මාසය තුළ දී ඉහළ ගොස් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
