මහවැලි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

තවද මඩකලපුව - පොළොන්නරුව මාර්ගය ගල්ලෑල් ප්‍රදේශයෙන්ද, සෝමාවතිය රජමහා විහාර පිවිසුම් මාර්ගයද, සෝමාවති රජමහා විහාරය අවට ප්‍රදේශයටද සුළු ගංවතුර තත්ත්යක් ඇතිවීමේ අවධානමත් මතුව ඇති බැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවති රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් මෙන්ම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවද ඒ සම්බන්ධව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සියලු පාර්ශ්වයන් වෙත දැනුම්දී තිබේ. 

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය 23 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා බලපැවැත්වෙන බවද සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න