‘මෙ රජ් හී නොබෝසත්තු නොරජ් වෙත්වැයි’
පැරණි සෙල්ලිපිවල මේ වග කොටල ම තියෙනව. අනුබුදු නාගාර්ජුන ගේ බෝධි සත්ව සංකල්පය අපුරුම එකක්. නූතනත්වයටයි එය වඩාත් ගැළපෙන්නේ. ඒ අනුව හීනයානයේ වගේ තනිවම බුදු වෙන්න බෑ. බෝධි සත්වයන් නිර්වාණයට යන්නේ සියලු ම සත්වයින් සසරින් එගොඩ කළාට පස්සේ. මට හිතන්නේ අපිට සෞභාග්‍යමත් යුගයක් තිබුණේ අනුරාධපුර යුගයේ මහායානය බලවත් වූ සියවස්වලයි. නාගාර්ජුනයන්ගේ ප්‍රධාන ගෝලයෙකු වූ ආර්යදේව ලාංකික භික්ෂුවක්. චීනයට බුදුදහම් ගෙන ගිය බෝධි ගුප්ත ලංකාවෙන් ගිය බවට විශ්වාසයක් තියෙනව. මේ සියල්ලම වුණේ 3 – 7 සියවස් ඇතුළෙ.
නාග ගෝත්‍රිකයින් ගේ වීරයා

අවුරුදු 5 ගෙවෙද්දී මට ආපහු ලංකාවට යන්න ඕන වුණා. බෝධි සත්වයෙක් වගේ කෙනෙක් රජ [ජනාධිපති] කරවීම ගැන හිතමින්. රට දියුණු කළායින් පසු තමන් ගැන හිතන දේශපාලන නායකත්වයක් මට ඕන වුණේ. තක්කඩි දේශපාලන පෙළැන්තියක් හා ආත්මාර්ථයට යට කෙරෙන ථෙරවාදය[හීනයානය] අපේ රට විනාශ කළ බවයි මගේ තවමත් විශ්වාසය.
ආචාර්ය නාගාර්ජුනයන්ට ඒ නම එන්න ඇත්තේ මහාභාරතයේ වීරයා වූ අර්ජුන ගේ ප්‍රතිවීරයා හැටියට. ඒ නමේ අර්ථය ගත්තම ඔහු තමා නාග ගෝත්‍රිකයින් ගේ වීරයා. එනම් නාගයන් ගේ අර්ජුනයා. සියලු ම සතුරන් මතවාදීව පරදවන විරයා වෙන්නේ අනුබුද්ධ නාගාර්ජුන. එයා මෙහෙම කියනව.
‘සියලුම ආඥාවාදීහූ [pragmatists]ශුන්‍යතාවේ සිංහ ගර්ජනාවෙන් බියට පත් වෙති. ඔවුන් කොතැනක ජීවත් වුව ද ශුන්‍යතා [emptiness] එහි සැඟවී සිටී..!
අනුබුද්ධ නාගාර්ජුන
ටැක්සි ඩ්‍රයිවර්
ඒ වෙන කොට මට බීබීසීයේ රස්සාවත් ලන්ඩනයේ ජීවිතයත් දෙකම එපා වෙලා. දාල යන්න බැරි දෙයක් තිබුණේ ලන්ඩනයේ පුස්තකාල. බ්‍රිතාන්‍ය පුස්තකාලය ඇතුළු හැම තැනකම තියෙන පුස්තාතකාල මානව වර්ගයාගේ මහඟු ජයග්‍රහණයක්. ඒ අතරේ ඇතිවු ගැටුම් නිසා 2000 මැද දී මම බීබීසියෙන් දොට්ට දැම්ම. අදටත් බීබීසී ඉතිහාසයේ රැකියාවෙන් නෙරපූ අතළොස්සෙන් කෙනෙක් මම. මට ඒ ආඩම්බරය දැනුණා. මම එළියට දාපු අය හිතුවේ මම පරණ යටත් විජිත හාම්පුතා ගේ රටේ දුෂ්කර කම්කරු ජීවිතයකට යවන්න. මම මාස කීපයක් ටැක්සි එළෙව්ව ලංකාවට එන්න සල්ලි සොයා ගන්න. පෙර රැකියාවේ ලැබුණු තරම් ආදායම් නොලැබුණත් ගෙදර කාමර කුලියට දීමෙන් බිණූ නාගාර්ජුනටයි එයාගේ අම්මටයි කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් බව මම දැන සිටියා.

“ඔයාල මේ රටේ ඉන්න. මේ රටේ පුරවැසිකම ගන්න. මම කනාටු සිංහය ඉන්න පොතෙන් ආපහු ආපු විදිහටම යනව. මට එහේ කරන්න වැඩ ගොඩක් තියෙනව.”
මම ඒ දෙන්නට කීව. ඒ දෙන්න අකමැත්තෙන් නමුත් එකඟ වුණා.
මට ඕන වුණේ වාර්තා චිත්‍රපටි හදන්න. ආයේත් රට පුරා ඇවිදිමින් ලියන්න. වෙනුවෙන් එහෙන් ගෙනාපු ඩබල් කැබ් එක බදු ගෙවා ගන්න බැරුව රේගුවට සින්න වුණා. පත්තරේ ගැන කරපු විවේචන නිසා මට රාවයෙ දොරත් වැහුණ. ඒ වෙන කොට ගණනාථ් [මහා. ඔබේසේකර] ‘ වැද්දො’ ගැන පර්යේෂනය පටන් අරන්. එයා දයා සිසිරත් [හේවාගම] එකතු කර ගෙන. මමත් මට බාර දීපු කොටස් කළා.
සමූල ඝාතන ගම්මාන වෙත...
මට දිගු කලක පටන් හීනයක් තිබුණ සමූළ ඝාතන ගම්මානවලට කැමරා අරගෙන ගිහින් ජිවත් වෙන උදවියේ කතා එකතුවක් ඉතිහාසයට යවන්න. මම ආපහු ලංකාවට ආවේ ඒ වගේ වැඩ කරන්න. ඒත් වැඩේ වැරදුණා. ඒ අතරේ 2002 ඡන්දය කිට්ටුව යෝජනාවක් ආව, ජාතික රූපවාහිණියට එහෙම වැඩසටහන් පෙළක් කරල දෙන්න. මම දැන ගත්ත චන්ද්රිකා ගේ පොදු පෙරමුණ දිනවන්න ඒව යොදා ගැනෙන බව. ඒත් මට ඕන වුණේ ඒ මිනිස්සු මැරෙන්න කළින් ඒව එකතු කරල තියන්න.
‘ගමක මතකය’ නමින් ජාතික රූපවාහිණිය වැඩසටහන් 12 හැදුව. ඒව හදන්න ගිහින් වෙච්චි දේවල් ගැන පොතක් ලියන්න පුළුවණි. එකක් විතරක් ලියන්න ඕන.

අපි ඊට කළින් රාවයට ලියපු ගලගෙදර කිට්ටුව කන්දක් උඩ ගමකට ගියා. මම ට්‍රයිපෝට්ටුව කර ගහ ගෙන ගියේ. එක අම්මෙක් මගෙන් ඇහුව...
“මහත්තය අද කොයි ඉඩමද මනින්න යන්නනේ...!”
ගමේ මරපු මුළු ගාන 50කට කිට්ටුයි. ගමට ඇතුළු වෙන කොට ගමේ චන්ඩිය ආවා. එයාගේ ගමේ ගෝනි බිල්ලා වූ ග්‍රාමසේවක පස්සෙ කාලෙ මරල ඇප පිට ඇවිත් හිටියේ.
අළු බවට පත් කළ ‘ගමක මතකය’
“මේ ගමේ මොකුත් කරන්න දෙන්න බෑ. ඕව දේශපාලන වැඩ”
මිනිහ බරපතළ තර්ජනයක් දැම්ම. මමත් ඇරියෙ නෑ.
''ඔයා දන්නව ද, මහා වංශය ? ඒක ලියන්න පටන් ගත්තු කෙනා දන්නවද?''
මිනිහට තද වුණා.
“...මම දන්න වංසයක් නෑ. මහානාමයෙකුත් නෑ අපේ දේව වංසේ ගැන නම් දන්නව... ඒත් මේ ගමේ මොකුත් කරන්න බෑ”
“යාළුව, මහානාම හාමුදුරුවෝ මහාවංශය ලියන්න ගත්තේ එයා ගේ බෑණ ධාතුසේන රජ කරවල. එහෙමයි වැඩ වෙන්නේ. මේ තියෙන ආණ්ඩුව නොඑන්න මේ කැමරාව මේ ගමට එන්නේ නෑ. අපිට එන්න විදිහකුත් නෑ. ඉන්න රැජිණ කැමතියි නිසයි මෙහේට මේව ගේන්න පුළුවන් වුණේ. ආයේ කවදා ඒව කරන්න ලැබේද දන්නේ නෑ”

මිනිහ අන්තිමේ එදා දවාලට අපිට කන්නත් ලෑස්ති කරා. ඒත් 2002 ඡන්දෙ දී ‘ගමක මතකය’ රූපවාහිණිය පට්ට ගැහුව. චන්දෙන් දිනාපු රනිල් වික්‍රමසිංහ ගේ ගෝලබාලයො ඒ කැසට් ඔක්කොම පුච්චපු බව පස්සෙ ආරංචි වුණා.
එයා හුදකලා ළමයෙක් වී නව යොවුන් වියට පිය නගමින් සිටියා. වසරකට වතාවක් එයත් ලංකාවටත් ආවා. විශේෂයෙන් මම ‘විනිශ්චය සොයා’ [In Search of Justice] 2007 හා උමතු පාරාදීසිය [Lunatic Hevan] වාර්තා චිත්‍රපට හදන විට මාත් එක්ක හරිහරියට වැඩ කළා.
මතු සම්බන්ධයි

නන්දන වීරරත්න
සබැඳි
‘විසාලා මහනුවර’ උපන් බිණු නාගාර්ජුන
ආචාර්ය නාගාර්ජුන ගේ තොටගමු විහාරය
බිණූ නාග අර්ජුන ගේ මතකවත 03 - ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
