Image

බාල ගල් අඟුරු ගැන විපක්ෂ නායකවරයාගෙන් ආණ්ඩුවට තවත් ප්‍රශ්න වැලක්

බාල ගල් අඟුරු ගැන විපක්ෂ නායකවරයාගෙන් ආණ්ඩුවට තවත් ප්‍රශ්න වැලක්

මෙරට විදුලි සැපයුම අඛණ්ඩව සහ ස්ථාවරව සැපයීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක් තුළ ඊට මූලික හේතුවක් ලෙස සලකනු ලබන්නේ ලක්විජය බලාගාරයට සපයන ගල් අඟුරුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන්

මතුව ඇති මතභේදාත්මක තත්ත්වය බවත් මේ සඳහා යොදා ගෙන ඇත්තේ බාල ගල් අඟුරු බවට පැහැදිලි නිසා මේ සම්බන්ධයෙන් රජයට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ බාල ගල් අඟුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු දැක්වූ විපක්ෂ නායකවරයා...

මේ දත්ත ටික සපයන්න

''Trident Chemphar සමාගම වෙතින් ලැබුණු එක් එක් නැව් තුළින් බලාගාරයට ලැබුණු මෙගවොට් ප්‍රමාණය ඉදිරිපත් කරන්න. මහජන උපයෝගීතා කොමිෂන් වාර්තාවේ සඳහන් දත්ත සහ අමාත්‍යවරයා සතු දත්ත එක හා සමාන ද කියා ප්‍රශ්න කරනවා. මීට ඉහත සැපයුම්කරුවන් ගෙන් ලබා ගත් ගල් අඟුරු තුළින් බලාගාරය උත්පාදනය කළ උපරිම විදුලි නිෂ්පාදන ධාරිතාව නැව් වශයෙන් ඉදිරිපත් කරන්න. Trident Chemphar විසින් ලබා දුන් ගල් අගුරුවල නිශ්චිත ගල් අඟුරු දහන අනුපාතය එක් එක් නැව් මට්ටමින් ඉදිරිපත්  කරන්න. ඊට අමතරව මීට පෙර වෙනත් සැපයුම්කරුවකු විසින් සපයන ගල් අඟුරුවලට සාපේක්ෂව මෙම අගයන් ඉදිරිපත් කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා. Trident Chemphar වෙතින් ලබා දුන් ගල් අඟුරුවල දළ තාප ජනන අගයන් සේම මීට පෙර ඉහත සැපයුම් කරන ලද සමාගමේ අගයන් ද ගල් අඟුරු දළ තාප ජනන අගයන් සම්බන්ධයෙන් ලියාපදිංචි අවස්ථාවේ නිර්නායක ලිහිල් කිරීමක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ලබා ගත් නීතිමය හා තාක්ෂණික උපදෙස් ඉදිරිපත් කරන්න. Trident Chemphar වෙතින් ලබා ගත් ගල් අඟුරුවලින් දිනකට නිකුත් කරනු ලබන අළු ප්‍රමාණයත් ඉන් විකුණනු ලබන ප්‍රමාණය හා අළු අංගනයට ඉදිරිපත් කරන ප්‍රමාණයත් ඉදිරිපත් කරන්න. මෙම දත්ත සමග මීට ඉහත ගල් අඟුරු සපයන ලද සමාගමේ එම අළු ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

ගල් අඟුරු අධි පාරිභෝජනය නිසා ඇතිවිය හැකි අලාබය කොපමණ ද...?

බාල ගල් අඟුරු භාවිතය සහ ඉදිරි කාලයේදී විදුලි උත්පාදනය සඳහා ලක්විජය බලාගාරය ඇතුළු තවත් බලාගාර කිහිපයක ක්‍රියාකාරීත්වය නඩත්තුව සඳහා නතර කිරිමට සිදුවීම නිසා වැඩිම විදුලි බලයක් භාවිත වන කාලයේ අඛණ්ඩව විදුලිය සැපයීමේ තත්ත්වය ඉදිරිපත් කරන්න. ලක්විජය බලාගාරය සදහා ගල් අඟුරු ප්‍රසම්පාදනයේ දී ලංසු කැඳවීමට විධිමත් පරිදි නියමිත දිනට ලියාපදිංචි ගාස්තු ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ සැපයුම්කරුවකු සමඟ ගල් අඟුරු සැපයීමට ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පැහැදිලි කිරිම ද සිදු කළ යුතු යි. ගිවිසුම් ගත වීමෙන් අනතුරුව Trident Chemphar ආයතන විසින් බලාගාරයට සපයා ඇති ගල් අඟුරු නැව් ගණනත් සැපයුම් කාලසටහනට අනුව 2026.4.7 දින වන විට පැමිණීමට නියමිත නැව් ප්‍රමාණය හා සැබැවට පැමිණි නැව් ප්‍රමාණය අතර වෙනස සහ ඊට හේතු ඉදිරිපත් කරන්න. මේ බාල ගල් අඟරු නිසා සිදුව ඇති අලාභය නැව් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් විදුලිය ජනනය කිරීමේ දී ගල් අඟුරු අධි පාරිභෝජනය නිසා ඇතිවිය හැකි යැයි අපේක්ෂිත අලාභය පියවා ගන්නා ආකාරය ද ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

පෙබරවාරි මස අග සිට දකුණු අප්‍රිකානු ගල් අඟුරු පමණක් නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනනය සිදු කිරිම නිසා අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වීම නිසා යුගධනවි බලාගාරයෙන් ඩීසල් සහ පර්නස් ඔයිල් මිලදී ගැනීමට මාර්තු 31 දක්වා රු. බි. 10ක් වැය කර ඇති  නිසා මේ සම්බන්ධයෙන් ද කරුණු පැහැදිලි කරන ලෙසද ඉල්ලා සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න