Image

බිණූ නාග අර්ජුන ගේ මතකවත 03 - ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම

බිණූ නාග අර්ජුන ගේ මතකවත 03 - ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම

‘කොතැන ඉඳන් එනවද ඇල්ලි මැල්ලියේ

රැහේ සිටන් එනවා ඇල්ලි මැල්ලියේ

අතට දාපු ගිගිරිත් සෙලවී සෙලවියේ

පෙර කුඹ රජුගේ දුව නවරත්න වල්ලියේ’

මේ කවිය, සුන්දර රොඩී යුවතියකගේ මියුරු හඬින් අහන්න ලැබුණේ පසු කාලෙක හාලිඇල කිට්ටුව රොඩී ගමකට ගිය වෙලාවේ. ඌවේ ජන ජීවිතයේ සුන්දර පැත්තක් වගේම අසුන්දර පැත්තකුත් තියෙනව.

නෑ යකුන් ගේ පිහිට

ඌවේ ජන ජීවිතය අපුරුම එකක්. එකල ඌව වාසීන් ඔවුන්ටම ආවේණික ගීතවත් ස්වරයකින් කතා කළා. ප්‍රවේණියෙන්ම උරුම කර ගත් සිංහලයක් දෙඩූවා. ගෙයි මැද එල්ලා තිබූ නෑ යකුන් වෙනුවෙන් එල්ලූ තොට මුට්ටියට ගෙදර ඉදෙන අහාරයක මුල් පංගුව පිදුවා. අස්වැන්නේ හා දඩයමේ මුල් පංගුව පිදුවා. ඔවුන් සීවලී රහතුන් කෙනෙක් නොදැන සිටියා. ඌව නිදහස් සටනේ නායකයන්ට වෙන් වූ නෑ දෙවිවරුන්ගේ ප්‍රකට දේවාල තිබුණත් තමන්ගේම නෑ දෙවිවරුන් වෙනුවෙන් තැනු පුංචි දේවාල ගෙවල්වලත් තිබුණ. පහළ ඌවේ වැදි - සිංහල ‘ජනයා නෑයකුන්ගේ පිහිට පැතුවා. ඉහළ ඌවේ සිංහලයන් නෑ දෙවිවරුන්ගෙන් පිහිට පැතුවා.uva

1818 ඉංග්‍රීසිකාරයින් කළ බිහිසුණු විනාශයට පමණක් දෙවැනි වූ විනාශය ඌවට කළේ ඔවුන් පසුපසින් ගිය නොසන්ඩාල පාත්තයින් ය.

මේවා සොයා යන මගේ ගුරු පඩිය රුපියල් 1750යි. දැන් බිණූ නාගාර්ජුන සමග කන්න දෙන්නට කටවල් තුනක්. ගෙදර යන්න වෙන්නේ මාසෙකට වතාවයි. සති දෙකට, තුනකට සැරයක් තැපැල් කන්තෝරුවක් සොයා ගෙන විදුලි පණිවිඩයක් යවනව අම්මට සහ පුතාට.

‘සැපෙනි. සැපවේවා. නිදුක් නිරෝගී වේවා’

ජීවීත ගෙවන්න වෙන්නේ එහෙම තමයි.

රොඩී කුප්පායමේ දානය

RodiyaPeople

දවසක් මමයි ධනපාලයි [ධනපාල රත්නායක - වැදිවෙල] පල්ලේකිරුවේ නෑයකුමක් බලන්න ගියා. නෑයකුම තිබුණේ කිරි ඔයෙන් මෙගොඩ. අපි ලුණුගල කන්දෙන් බැහැලයි තොවිල්පොලට ගියේ. රෑ තිස්සේ නිදි මරා සිටියත් පස්සෙන්ද ඉස්කෝලෙට ගියා. ඌවේ ජන ඇදහිලිවල තියෙන එයටම ආවේණික වූ අපූර්වතවය හිතමින්. ගුරුමණ්ඩලේ සගයෙක් වූ ධර්මේ මට අදහගන්න බැරි කතාවක් කීව.

“කන්දේගෙදර පංසලට රොඩී කුප්පායමෙන් හත්දෝහේ දානයක් බාර ගන්න බෑ කියල ආරවුලක්”

එහෙම කොහොම ද වෙන්නේ? මම අචාර්ය නාගර්ජුන්ගේ සිහිනයෙන් ඇහැ ඇරුණ. අප්‍රමාණ සිහින සම්භාරයක් වූ සංසාරය අවසාන කරන්න, නිවන් දැකීමට පෙර, තවත් බොහෝ දේ කරන්නට ඇති බව තේරුම් ගත්ත. යතුරු පැදියක් තිබූ මිතුරා වූ සමනුත් [ සමන්සිරි බෙන්තර ආරච්චි] එකතු කරගෙන කන්දේගෙදරට ගියා. බුද්ධාගම රාජ්‍ය ආගම වූ රටේ නිල්මල්පොත, රෝඩී ජනයා ගේ ඉරණම ලීව. ලිපිය දාන්න කැමැති වුණේ රාවය කතුවරයා [වික්ටර් අයිවන්] විතරයි.

‘ධර්ම චක්‍රයේ ඇණ ගැසූ බෞද්ධයෝ’

ඒ ලිපිය නැවත මට දේශපාලන පත්තරකාරයෙක් වෙන්න බල කළා.

ගණනාථට [මහා. ඔබේසේකර]ට නෑ යක්කු ගැන ලීවා. එයා මගේ කතා අහල පර්යේෂණ සහකාරයෙක් වෙන්නත් කීව.

එයා ඉස් ඉස්සෙල්ලාම ඉංගිරිසි ඉගෙන ගන්න එවපු සල්ලිවලින් කරේ වෙන වැඩක්. එතකොට බිණූ නාගාර්ජුන ඇවිදින්න පටන් අරන්. හැම තිස්සේම වැට කඩොළුවලින් පැනල එයාගේ තාත්ත පස්සෙන් යන්න හදනව. ගේ මහ පාර අයිනේ..! ගණනාථ්ගේ සල්ලි කොටසකින් ගේ ඉස්සරහ තාප්ප කෑල්ලක් බැන්ද. ගේටූවකුත් දැම්ම. ගෙදර පෙර වූ අනතුරක් වළකන්න.

රාවයට ප්‍රවේශ වීම

ravaya

“ඔයා, ඔය ගුරු රස්සාව අතැරල පත්තරේට එන්න. හුඟාක් වැඩ තියෙනව කරන්න.”

රාවය කතුවරයා දෙතුන්වතාවක්ම කීව. මම තීරණයක් ගත්ත. මගේ තාත්ත විරුද්ධ වුණා.

“උඹ දැන් දරුපවුල්කාරයෙක්. විශ්‍රාම වැටුප් තියෙන රස්සාවක් අතාරින්න එපා. කරන දෙයක් රස්සාව කරන ගමන් කරපං.”

හැමදාම පවුලේ හිතුවක්කාරයා වූ මම තවත් වතාවක් හිතුණු දේ කළා. ‘ඕන කිරි ගහක් යටින් පලයං’ කියල පැදුරටත් නොකිය ගුරු රස්සාවෙන් නැවතිල රාවයේ නිදහස් මාධ්‍යවේදියෙක් වුණා. රාවයේ වාර්තාකරුවෙක් හැටියට රට පුරා ඇවිදින්න පටන් ගත්ත.

මතු සම්බන්ධයි...

නන්දන වීරරත්න

නන්දන වීරරත්න

 

 

‘විසාලා මහනුවර’ උපන් බිණු නාගාර්ජුන

ආචාර්ය නාගාර්ජුන ගේ තොටගමු විහාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න