බැලුන් තොගයක් හේතුවෙන් ලිතුවේනියානු ගුවන් අවකාශයේ හදිසි තත්ත්වයක්

බැලුන් තොගයක් හේතුවෙන් ලිතුවේනියානු ගුවන් අවකාශයේ හදිසි තත්ත්වයක්

ලිතුවේනියානු ගුවන් අවකාශයේ පවතින බැලුන් තොගයක් හේතුවෙන් එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන  බව එරට රජය පැවසුවේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෙලරුස් සිට දියත් කරන ලද බැලුන් තොගයක් එලෙස එරට ගුවන් අවකාශයේ පවතින බවයි.

බෙලරුස් සිට ලිතුවේනියාවට හොර රහසේ දුම් වැටි වැනි භාණ්ඩ ප්‍රවාහනයට එම බැලුන් යොදා ගන්නා බව බලධාරීන් පැවසුවේය.

ලිතුවේනියානු බලධාරීන් පවසන්නේ මෙම තත්ත්වය එරට ආරක්ෂාවට බරපතල ගැටළුවක් බවයි.

මේ හේතුවෙන් එරට විල්නියස් ගුවන් තොටුපලේ මෙහෙයුම් නැවැත්වීමට සිදුවී ඇති අතර, තවත් ගුවන් ගමන් කිහිපයකට බාධා ඇති වී තිබේ.

 

(News 1st)

Lithuania declares emergency situation over Belarus balloons

Lithuania declares state of emergency over balloons from Belarus


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න