බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ බීබීසී ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් ගේ ඉල්ලා අස්වීම ජනමාධ්‍ය භාවිතයේ විශ්වාසනීයත්වය පිළිබඳ නැවතත් සංවාදයකට මුල පුරා ඇත.
මාධ්‍ය අධ්‍යනයෙ දී උසස් භාවිතා පිළිබඳව උදාහරණයට ගන්නා බ්‍රිතාන්‍යයේ මහජන සේවා මාධ්‍ය ආයතනය වන BBC සිදුවීම තුළින් අපට කියාදෙන පාඩම කුමක්ද...? අප ඉන් උගයුත්තේ කුමක් ද...? BBC ය විසින් නිෂ්පාදනය කර විකාශය කරන ලද “පැනෝරාමා” වාර්තා වැඩසටහන මගින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කතාවක් සංස්කරණය කරඇති ආකරයෙන් සිදුව අති විකෘතිය වසර ගණනාවකට පසු නැවත් කරළියට ඒමෙන් ගෝලීය ප්‍රවෘත්ති සන්නාමයක විශ්වසනීයත්වය ප්‍රශ්න මතුකරමින් සිටියි.
ටිම් ඩේවි සහ ඩෙබෝරා ටර්නස්
ඉහළ විධායක නිලධාරීන් දෙදෙනකු ඉල්ලා අස්වීම
වැඩසටහනේ දී, ට්‍රම්ප් 2021 දී කළ කතාවේ ක්ලිප් එකක් සංස්කරණයේ දී අදහස් විකෘති වීමක් සිදුව ඇති බවට විවෙචන එල්ල විය. විචාරකයින් පවසන්නේ එහි අර්ථය වෙනස් කර ඇති බවත්, එයින් ඇඟවෙන්නේ ඔහු කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා වැදීමට තම ආධාරකරුවන්ට සෘජුවම බල කළ බවයි. එය අපක්ෂපාතිත්වය පිළිබඳ ගැටලු මතුරන්නක් බව බීබීසී පසුව පිළිගැනීමට දිරිමත්වී තිබුණි. මෙම චෝදනා එහි ඉහළ විධායක නිලධාරීන් දෙදෙනකු ඉල්ලා අස්වීම දක්වා වී බරපතළ අර්බුදයකට හේතුවක් ද විය.
බීබීසී මෙවැනි අර්බුදවලට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ. දශක ගණනාවක් පුරා,විටින්විට සිදුවු මෙවැනි චිචාරත්මක නොවූ සිදුවීම් නිසා එහි කර්තෘ මණ්ඩල ප්‍රතිසංස්කරණය කිරීමට සහ ශක්තිමත් කිරීමට බලපෑම් එල්ලවිය.
ශ්‍රී ලාංකික මාධ්‍ය සඳහා, මෙහි වැදගත් පාඩම්
මෙවැනි සෑම අවස්ථාවක දී ම කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ එවිට බීබීසී ය ප්‍රතිචාර දැක්වූ ආකරය යි. එම සිදුවීම්වලට අදාළව සිදු කළ විමර්ශන තුළ පවැති විනිවිදභාවය, ස්වාධීන විමර්ශන සහ ප්‍රතිසංස්කරණ සමග ප්‍රතිචාර දැක්වීම ඇගයිමට ලක්ව තිබේ. ආයතනික ඔම්බුස්මන් ගේ මැදිහත්වීම් ‘කර්තෘ පැමිණිලි ඒකකය’ ‘ස්වාධීන සමාලෝචන මණ්ඩල’ සහ එක්සත් රාජධානියේ ස්ථාපිත කර ඇති නියාමක කොමිසම “Ofcom” විසින් සිදුකරන ලද අධීක්ෂණය එරට ඇති මාධ්‍ය පිළිබද ශක්තිමත් යාන්ත්‍රණය පහැදිලිව ක්‍රියාත්මක වන ආකරය ප්‍රකට කළ බවයි විචාරකයන් පවසන්නේ. එය BBCයේ මෙම වගවීමේ සම්ප්‍රදාය, සෑම පසුබෑමකින් පසුවම එයට තවදුරටත් නොනැසී පැවතීමට සහ ශක්තිමත් වීමට පවා ඉඩ සලසා දී ඇත.

ශ්‍රී ලාංකික මාධ්‍ය සඳහා, මෙහි වැදගත් පාඩම් තිබේ. අපගේ ප්‍රවෘත්ති කාමර බොහෝ විට දේශපාලනයේ, හිමිකාරිත්ව බලපෑමේ සහ සමාජ මාධ්‍ය භාවිතාවේ පීඩනවලට මුහුණ දෙයි.
බීබීසී අත්දැකීමෙන් අපට කියා දෙන පාඩම වන්නේ නාලිකාවක: විශ්වසනීයත්වය, කීර්තිය, එහි ප්‍රමාණය සහ ආකර්ෂණීය බව මත ම සහතික නොවන බවයි; එය: සංස්කෘතිය, විනය සහ විවෘතභාවය මත රඳා පවතින්නකි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සඳහා සැබෑ අභියෝගය වන්නේ තමා දැන දැනම කරන වැරදී සාධාරණීයකරණය කරනවා ද, නිහඬතාවෙන් සිටිනවා ද, එසේත් නැතිනම් වගවීමට මාරු වී ආචාරසම්පන්නව මුහුණදී තම විශ්වශනීයත්ව රැක ගන්නවා ද යන්නයි.
(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
