පිවිතුරු නිෂ්පාදන සහ තිරසාර භාවිත සඳහා ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන පිරිනමයි

පිවිතුරු නිෂ්පාදන සහ තිරසාර භාවිත සඳහා ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන පිරිනමයි

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී කර්මාන්තකරුවන් පාරිසරික වගකීම් ඉටු කිරීම ඇගයීමට ලක් කළ යුතු බවත් නීති රීති අනපනත් මගින් සිදුකළ නොහැකි බොහෝ දෑ සාමූහික වගකීම තුළ ඉතා සාර්ථකව ඉටුකළ හැකියාව පවතින්නේ යැයි ද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ “ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2025” යන මැයෙන් පසුගිය හයවන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති සම්මාන උලෙළෙහි දී ය.

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාව ඇතිව මෙම සම්මාන උළෙල සංවිධානය කළේ ලංකාවේ තිරසාර කාර්මික සංවර්ධනයේ ඉදිරි ගමන් මඟ සකස් කිරීමේ අරමුණ ඇතිව ය.


ලංකාවේ පළමුවන පාරිසරික කර්මාන්ත සම්මාන උලෙළ

ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී පිවිතුරු නිෂ්පාදන සහ තිරසාර භාවිත සඳහා කැපී පෙනෙන කැපකිරීමක් සිදුකළ  කර්මාන්තකරුවන් ඇගයීමට ලක්කරන අතර 2007 වසරේ දී ප්‍රථම වරට ආරම්භ කළ මෙම ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල ලංකාවේ පළමුවන පාරිසරික  කර්මාන්ත සම්මාන උලෙළ ද වන්නේ ය.

ලංකාව තුළ ක්‍රියාත්මක වන මහා පරිමාණ,  මධ්‍ය පරිමාණ සහ සේවා අංශය සඳහා සෞඛ්‍ය, ඇඟලුම්, රෙදිපිළි, මූල්‍ය, ආහාර, රබර්, තේ, රෙදිපිලි, හෝටල්,  පොල් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික්, ඇසුරුම්කරණ යන ක්ෂේත්‍ර වෙනුවෙන් සම්මාන සම්මාන 23ක්, ලෝකඩ සම්මාන 14ක්,  රිදී සම්මාන 13ක් සහ රන් සම්මාන 9ක්  මෙවර සම්මාන උලෙළේ දී ප්‍රදානය කළේ ය.

මෙම සම්මාන උලෙළ සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර,  ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමනාකරු රුවන් විජයමාන්න ඇතුළු ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


(ලක්ෂ්මි ද සිල්වා )

 

 

hadun2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න