පාසල් ඉතිහාසයේ ප්‍රථම Back to Sportmeet වැඩසටහන කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ

පාසල් ඉතිහාසයේ ප්‍රථම Back to Sportmeet වැඩසටහන කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ

කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද Back to School සහ Back to Sportmeet  වැඩසටහන පසුගිය දා එම විද්‍යාලයේ දී පැවැත්වුණි.

ආදි ශිෂ්‍ය සංගමය පැවසුවේ එය පාසල් ඉතිහාසයේ පළමු වරට පැවති එබඳු වැඩසටහනක් බවයි.

මෙහිදී 2008 වසරේ රුදුරු කොටි ත්‍රස්තවාදයෙන් ජීවිතක්‍ෂයට පත් වූ පැසි පන්දු ක්‍රීඩකයින් සැමරීම ද සිදු කළ අතර පාසලේ අධ්‍යාපනය ලැබූ මියගිය රණවිරුවන් සැමරීම ද මෙහිදී සිදු වූ තවත් අංගයකි.

මෙම අවස්ථාවට ආදි සේනානායකයන් වන සුමිත්‍රා ගාර්මන්ට් අධිපති ජාෆර් සතාර්, ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, ආදි ගුරු භවතුන් සහ ආදි සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

ds1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න