පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදාහක් දැඩි සෝදිසියට

පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදාහක් දැඩි සෝදිසියට

අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමේ අවදානමට ලක්ව ඇති පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි  දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විශේෂ විද්‍යාත්මක පරීක්ෂාවකට  ලක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය(NBRO) තීරණය කර ඇත.

මෙම ස්ථාන පරීක්ෂා කර තත්ව වාර්තාවක් නිකුත් කිරීමට ඉදිරියේ දී  කටයුතු  කෙරෙනු ඇත.

පරීක්ෂා කටයුතු සඳහා පේරාදෙණිය මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල ප්‍රවීණයෝ පිරිසක් ද සම්බන්ධ කර ගැනෙති.

මේ අනුව විශේෂඥ කණ්ඩායම් පහළොවක් මේ සඳහා මූලිකත්වය ගැන කටයුතු කරති.

මහනුවර, නුවරඑළිය සහ මාතලේ දී දිස්ත්‍රික්කවල  නායයෑමේ  අවදානම් සහිත පාසල් සහ රජයේ ගොඩනැගිලි පරිශ්‍ර කඩිනමින් පරීක්ෂා කිරීම මෙහි පළමු අදියර යටතේ  කෙරෙන බව එම සංවිධාන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි සීයකට වැඩි ප්‍රමාණයකට දැඩි අලාභ හානි සිදුව ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.


(lankadeepa | සුජිත් හේවාජුලිගේ)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න