පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න වැඩ තහනමකට ලක් කර තිබේ.
ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන බව වාර්තා වන අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත.
ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇත.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත්තේ කතානායකවරයාගේ පෞද්ගලික කාරණයක් නියෝජ්‍ය මහ ලේකම් විසින් හෙළිදරව් කර ඇතැයි තිබු සැකය මත ඔහුට එරෙහිව මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.
කෙසේ වුවද සිය වැඩ තහනමට එරෙහිව නියෝජ්‍ය මහලේකම්වරයා නිතිය හමුවට යාමට තීන්දුකර ඇතැයි වාර්තාවේ.

