පානදුරේට මත්ද්‍රව්‍ය බෙදූ පොලිස් කොස්තාපල් සහ කාන්තාවක් අත්අඩංගුවට

පානදුරේට මත්ද්‍රව්‍ය බෙදූ පොලිස් කොස්තාපල් සහ කාන්තාවක් අත්අඩංගුවට

පානදුර ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බව හඳුනාගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු සහ කාන්තාවක් කළුතර කොට්ඨාස අපරාධ අංශය විසින් නුගේගොඩ මිරිහානේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුරුවාතොට පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

31 හැවිරිදි ඔහු වලස්මුල්ලේ පදිංචිකරුවෙකි.

දැනට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින පානදුර කමල් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බෙදාහරින මත්ද්‍රව්‍ය, එම පොලිස් කොස්තාපල් මැදිහත්ව පානදුර ප්‍රදේශයේ අලෙවි කරන බව, අනාවරණ වී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, ජංගම දුරකතන විශ්ලේෂණය කරමින්, පොලිසිය කරන ලද විමර්ෂණයකදී ඒ බව තහවුරු වූ බවයි.

පානදුර මෝදරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මවක සහ පුතෙකුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී අදාළ පොලිස් කොස්තාපල් සහ කාන්තාව පිළිබඳව තොරතුරු තවදුරටත් අනාවරණය වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැණීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව, කමල් නැමැති මත්ද්‍රව්‍ය ජවාරම්කරුගේ බිරිඳ බව පොලිසිය පවසයි.

පානදුර, කලුදෑවල පදිංචි 37 හැවිරිදි ඇය, එක්දරු මවකි.

පොලිස් කොස්තාපල් මත්ද්‍රව්‍ය බෙදා හරින බව කියන කුඩා වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 07ක් සහ රුපියල් 17,790ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න