සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ රුවන්මලී කොඩිකාරගේ 'මඳ සිනා නගන විල්දිය' කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහට ය.
නොවැම්බර් 08 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට පැමිණෙන ලෙස කතුවරිය ආරාධනා කරන්නී ය.
අදාළ ස්ථානයට ළගාවන ආකාරය නිවැරැදිව හඳුනා ගන්නට මෙම https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7 Google Map යොමුවෙන් හැකි වනු ඇත.
එදින මෙම කෘතිය පිළිබඳ කතාබහේ දී වත්සලා කන්නන්ගර, අනිල් හේරත් සහ වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි ප්‍රධාන අදහස් දැක්වීමට නියමිත ය.
මෙවර පැවැත්වෙනනේ 86වන සාකච්ඡා මණ්ඩපය වන අතර එය මෙහෙයවනු ලබන්නේ භූෂන් ප්‍රදීප් කණ්ඩම්බි විසිනි.
විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'මඳ සිනා නගන විල්දිය' කාව්‍ය සංග්‍රහය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට හැකියාව ඇති බව කතුවරිය පවසන්නී ය.
'මඳ සිනා නගන විල්දිය' කාව්‍ය සංග්‍රහය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක් විය හැකි ය.
එදිනට විශේෂ වට්ටමක් සහිතව 'මඳ සිනා නගන විල්දිය' කාව්‍ය සංග්‍රහය මිලදී ගැනීමට ද අවස්ථාව සලසා ඇත.


