Image

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සර්වජන බලය සමඟ එක්වෙයි

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සර්වජන බලය සමඟ එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ( හිටපු) ලලිත් එල්ලාවල  මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ නිර්මල බව රැකගත් පුද්ගලයින් අතර ඉහළින්ම ඉන්න පුද්ගලයෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී (හිටපු) ලලිත් එල්ලාවල  සර්වජන බලය හා එක්වීම පිළිබඳව අදහස් දක්වමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර පැවසී ය.

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු බණ්ඩාරගම ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලලිත් එල්ලාවල සර්වජන බලය සමග එක්විය. ඒ අනුව, ලලිත් එල්ලාවල  සර්වජන බලයේ කළුතර නියෝජ්‍ය දිස්ත්‍රික් නායකවරයා ලෙසත්, සර්වජන බලයේ උත්තරීතර මණ්ඩල සභිකවරයෙකු ලෙසත් පත් කෙරුණි. අදාළ පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර විසින් සර්වජන බලය මූලස්ථානයේ දී ලලිත් එල්ලාවල වෙත නිල වශයෙන් පිරිනමනු ලැබී ය.

කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන හා සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව කේන්ද්‍ර කරගත් නව දේශපාලන ගමනක් සඳහා ලලිත් එල්ලාවල ගේ අත්දැකීම් සහ දායකත්වය සර්වජන බලයට නව ශක්තියක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සර්වජන බලය - මාධ්‍ය ඒකකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න