ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩ්න්ස් පත්කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කළේ, මාර්තු මස 16 වැනිදා සිට බලාත්මකවන පරිදි වසරක කාලයක් ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගින් කටයුතු කරන බවය.
එළැඹෙන ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සූදානම් කිරීම හා ඒ සඳහා මෙහෙයවීමේ ජේමි සිඩ්න්ස්ගේ ප්‍රධාන වගකීම ක්‍රිකට් ආයතනය පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල්-මැයි මාසවල සිදුකිරීමට නියමිත බංග්ලාදේශ තරග සංචාරය ඔහුගේ පළමු වගකීම වේ.
2007 සිට 2011 දක්වා කාලය තුළ බංග්ලාදේශ ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර ඇති ජේමි සිඩ්න්ස්, 3 වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙක්ය.
ඔහු 2015 සිට 2020 දක්වා දකුණු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ (රෙඩ්බැක්ස්) ප්‍රධාන පුහුණුකරු ලෙසත්, 2011 සිට 2015 දක්වා නවසීලන්තයේ වෙලින්ටන් ෆයර්බර්ඩ්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙසත් සේවය කර ඇත.

