Image

ක්ලබ් චෙලාගෝ ඇලෙක්සැන්ඩර් ගේ මරණය අපරාධයක් දැයි සොයන්න නියෝග

ක්ලබ් චෙලාගෝ ඇලෙක්සැන්ඩර් ගේ මරණය අපරාධයක් දැයි සොයන්න නියෝග

කොල්ලුපිටිය ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ නිවසක නේවාසිකව සිටිය දී පසුගිය වසරේ දෙසැම්බර් මස 03වන දා එහි මහලකින් ඇඳ වැටී මියගිය විදේශ ජාතික ක්ලබ් චෙලාගෝ ඇලෙක්සැන්ඩර් යන අය මරණයට පත්වී ඇත්තේ අපරාධයක් හේතුවෙන් ද යන්න විමර්ශන කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළේ ය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 වගන්තිය ප්‍රකාරව විමර්ශන කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මෙම මරණකරුගේ මරණය සිදුවන අවස්ථාවේ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් දෙදෙනකු එම ස්ථානයේ සිට ඇති බැවින් විමර්ශන කොල්ලුපිටිය පොලිසියෙන් ඉවත් කර කොළඹ දකුණ අපරාධ කොට්ඨායට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් හිසට සිදුව ඇති තුවාල හේතුවෙන් බවට අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට වාර්තාවක් ගොනු කර ඇතැයි ද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

මත්ද්‍රව්‍ය භාවිත කර තිබේ ද යන්න සිදු කළ විමර්ශන වලට අනුව ඔහු භාවිතා කර ඇත්තේ ඊතයිල් ඇල්කොහොල් පමණක් බව රජයේ රස පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍යවරයා වෙත වාර්තා කර ඇති බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියේ ය.

මරණකරුගේ විදේශ සොයුරා කළ පැමිණිල්ලක් ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න