කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණීම සහ ප්‍රදර්ශනය කිරිමේ වරදට අධිකරණයේ දී වරද පිළිගත් පෞද්ගලික ඔසුහලක හිමිකරුවකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ලක්ෂයක දඩයක් දඩ මුදලක් නියම කළා ය.
සිද්ධියට අදාලව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියලු නිෂ්පාදකයින්, ආනයන කරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හා වෙළෙඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුළ දී විකිණීමට නුසුදුසු /අයෝග්‍ය බවට හෝ කල් ඉකුත් වූ බවට / මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ කිසිදු ආකාරයකින් හෝ විකිණීමට ඉදිරිපත් කරනු ලබන හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමග එක්ව හෝ එකට යාව හෝ තැබීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු බවට දක්වා තිබෙන බවයි.
එසේ තිබිය දී මෙම අධිකරණ බල සීමාව තුළ පිහිටි ලයිෆ් ෆාමසි යන වෙළෙඳ ආයතනයේ විකිණීම සඳහා ඉදිරිපත් කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමඟ කල් ඉකුත් වීමේ දිනය 2026.02.01 ලෙස තිබූ Capral Lac Gold 400g Vanila Flovour කිරිපිටි ඇසුරුම් 02ක් ගබඩා කර තැබීම සිදු කිරිම යටතේ මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
