රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයෙන් දේව රුව සහිත රත්‍රන් හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල ර්‍ණරීබිල්ඩින්ග් ශ්‍රී ලංකා” අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේවරයා තීරණය කර ඇත.
එම වෙන්දේසිය මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
බැතිමතුන් පූජා කළ රත්තරන් විනිවිදභාවයකින් යුතුව රජයට ලබා දීමට කටයුතු කරන බවද කතරගම බස්නායක නිළමේවරයා පවසා තිබේ.

