පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ දී හෘද සැත්කමකට ලක්කර ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කර ඇත.
පසුගිය ජූනි 07 වනදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු සලේ, පසුව වැඩිදුර ප්‍රතිකාර පිණිස එහි හෘද රෝග අංශය වෙත මාරුකර යවා ඇත.
එම අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස හෘද සැත්කම සිදුකර ඇති බව වාර්තා වේ.
2019 පාස්කු ප්‍රහාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන පුළුල් විමර්ශනවලට අදාළව හිටපු බුද්ධි ප්‍රධානියා පසුගිය පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.
මූලාශ්‍ර -www.ceylonwire.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
