Image

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ශිරන්ති රාජපක්ෂගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක්!

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ශිරන්ති රාජපක්ෂගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක්!

තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (05) අපේක්ෂිත ඇප පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ ජයබාලන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එහි පෙත්සම්කාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ නම් කර ඇති බවත්, වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර ඇත.

"සිරිලිය සවිය"පදනමට සම්බන්ධ මූල්‍ය ගනුදෙනු පිළිබඳ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැනුම්දී තිබූ බව පෙත්සමෙහි සඳහන් වේ.

කෙසේ වෙතත්, අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි ඇය, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. FCIDය හමුවේ පෙනී සිටින ලෙස අදාළ කැඳවීම ලැබුණේ තමන් ගුවන්තොටුපළේ සිටියදී බවත්, ඒ වන විටත් විදේශගත වීමට කටයුතු යොදා තිබූ බැවින් සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවත් ඇයගේ පාර්ශ්වය ප්‍රකාශ කරයි.

ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තමන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බැවින්, අධිකරණය විසින් නියම කරනු ලබන ඕනෑම කොන්දේසියකට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න