පවතින අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවීමේ අවදානම නිසා බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් දහසකට අධික පිරිසක් අනුරාධපුර රත්නායක මහා විදුහලටත්, පොළොන්නරුව බන්ධනාගාරයටත් රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
ශීත කාමර තුළ ටයි කෝට් පැලඳගෙන නොසිට ගොවිපළට පැමිණ තමා කරන අභියෝගය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් කරන ලෙස කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු කණ්ඩායමට විවෘත ආරාධනාවක් කරන්නේ යැයි ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසී ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (09) රාජාංගණය, වැවේ පන්සල අසදී පැවති අනුරාධපුර දිස්ත්‍රික්කයේ: රාජාංගනය, තලාව, නොච්චියාගම, මහවිලච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, මිහින්තලය, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදාන වැඩසටහනට සඳහා එක්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ප්රමුඛ බර්ටි දිසානායක පදනම අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ අංක 630 "සැනසුම" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ 13වන වරට පැවත්වූ දුන්තෙල් බත් දන්සල අවට ප්‍රධාන මාර්ගයේ වීදි ලාමිපු නිවා දමා ඇති බවත් පෝලිමේ සිටි අය කළුවරේ සිට ඇත; පෝලිම අවසන් වු පසුපස මී 100ක් දුරින් විදිලාම්පු දැල්වී තිබෙනු දුටු බව දන්සලට පැමිණි අය පවසා ඇත.
මීට ටික දිනකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ළමා නිවාසවල රාජ්‍යය බාරයේ ඇති දරු-දැරියන් උදෙසා සංවිධානය කළ උත්සවයකට සහභාගී වූ අතර එහි දී සංවේදී වූ එතුමා ෆෝඩියම් එකෙන් බැහැරව ගොස් සිය කඳුළු පිසදාගත්තේය. එම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු බාර ඇමතිනී සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ද සහභාගී වී සිටි අතර එම වීඩියෝව වයිරල් වූවේ ජනාධිපතිවරයා ගේ සංවේදීතාව පිළිබඳව කවි ගී රචනා සහිතවය.
අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය විසින් රචිත ''ඒ හඳ මෙතැන'' කාව්‍ය සංග්‍රහය ජන ගතකිරීම සැප්තැම්බර් 09වන බදාදා පස්වරු 2.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා සහ පීඨාධිපතිතුමා ගේ සහභාගිත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේ (ශ්‍රී සුමංගල සභා සදය) දී පැවැත් වේ.
ඩිජිටල් ආණ්ඩුකරණය කරන්නයි කථාව; නමුත් ගංවතුර එනවා කියලා මිනිස්සුන්ට අඩුම ගානේ SMS එකක් යවා ගන්න බැරි වුණා… අවදානම ගැන කිසිම දැනුම් දීමක් නොමැතිව තමන්ගේ නිවෙස් ඇතුළේ නිදාගෙන හිටිය දරුපවුල් තමන්ට වෙන්නේ මොකක්ද කියලා දැන ගන්න කලින් වතුරේ ගිලිලා, පස්වලට යට වෙලා, හුස්ම ගන්න බැරුව එහෙම ම මැරිලා ගියා. සිරුරු තාම හොයනවා. අනේ උඹේ කෙහෙල්මල් ඩිජිටල්කරණය තියලා වාඩි වෙයන්, හාන්ස්.
LTL Holdings යනු මෙරට විදුලි බල ක්ෂේත්රයේ සුවිශේෂී සේවාවක් සපයන, නිරන්තරයෙන් ම රටේ ජනතාව අඳුරෙන් ආලෝකයට ගෙන ඒමට දිවා රෑ කැපවෙන සමාගමකි.
මහනුවර රදගුරු අතිඋතුම් ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් රචිත “Out of the Depths – A Collection of Articles” ග්‍රන්ථය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ 07, ග්‍රෑන්ඩ් මෙට්ලන්ඩ් හෝටලයේදී එළිදැක්වූයේ ය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය තුළ රටක් ලෙස අත්කර ගත් ප්‍රගතිය දැක අතිශයින්ම සතුටට පත්වන බවත්, තව දුරටත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය දිරි ගැන්වීමට ඇති රෙගුලාසි ලිහිල් කර මේ ක්ෂේත්රය වෙනුවෙන් ලබා දිය හැකි ඉහළ ම උත්තේජක ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
දිට්වා සුළි කුණාටුව සමඟ ඇතිවු දැඩි අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බලපෑමට ලක්ව අකර්මන්‍යව ඇති කර්මාන්ත නැවත යථාවත් කිරීමෙහි මුලික පියවරක් ලෙස රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 2ක මුදල මුල් අදියර යටතේ කර්මාන්ත 531කට ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ නව සාමාජිකයින්ට පත්වීම් ප්රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (10) සිදු කෙරිණ.
දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන ඇතුළුව සම්මාන හතරක් දින්නා. අවුරුදු 50කට අධික ඉතිහාසයක් තියෙන බුකර් සම්මානය වැඩකරන පන්තියෙන් ඇවිත් පළවෙනි වතාවට දිනන්නෙ ඇනා බර්න්ස්. ඇනාගේ කතාව සරල එකක් නෙමෙයි.
තම දෙපාර්තමේන්තුව මේ වසර (2025) අවසාන වන විට අත්කර ගත යුතු රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය දෙසැම්බර් 19 දින සම්පූර්ණ කර ගැනීමට සමත්වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ලාල් කාන්ත, බිමල් රත්නායක මෙන් ම ලක්ෂමන් නිපුණ ආරච්චි ද ඔවුන්ට බිය වන්නැයි වක්‍රෝක්තියෙන් පවසන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
''දිනන දකුණ'' කතිකාවේ අරමුණ ආණ්ඩුවට පහර ගැසීම නොව විපක්ෂය ප්‍රශ්න කිරීම යැයි දිනන දකුණ සාමූහිකයේ නායක නීතිඥ ශිරාල් ලක්තිලක පැවසී ය.
වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරව ද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි, නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බවත්, අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය වැඩ කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වයත්, ඒ හමුවේ ලෝකයේ විවිධ රාජ්‍යයන් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳවත් සාකච්ඡාවක් පවතින බවත්, අපේ පාර්ලිමේන්තුවේත් මේ සාකච්ඡාවට ඉඩ විවර කිරීම පිළිබඳව යෝජනා ගෙන එන ලද අයට බෙහෙවින් ස්තූතිවන්ත වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ජනාධිපති අනුර කුමාර ව කොළඹ හතේ ඒසී කාමරයේ සිට මහ පාරට බස්සවා ජනතාව අතරට යැවීමට තම පක්ෂය සමත් වී ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
“ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වගකිවයුතු රාජ්‍ය මූල්‍ය සහ නීති බලාත්මක කිරීමේ ආයතන වහාම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවන ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකඑහි සභාපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

