අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කර තිබේ.
2025 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග 11(1) විධිවිධාන අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරේ.
ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ වන විට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
