අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

මාර්තු දෙවන දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් අතර හමුවක් පැවතුණි. එහි දී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් විසින් අධ්‍යාපනය සඳහා මානව සම්පත් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය (HRDEP) පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

මෙම සාකච්ඡාවේ දී උසස් පෙළ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ විෂයමාලාව සැකසීම, අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම මෙන්ම අධ්‍යාපන අංශ කළමනාකරණ සැලැස්ම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.

අධ්‍යාපන අංශය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා තාක්ෂණික සහාය සහ කුසලතා පරිපූර්ණ මානව සම්පතක අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය එවැනි ක්‍රමවත් පද්ධතියක් සංවර්ධනය කිරීම මගින් සියලු අංශ ආවරණය වන ලෙස ජාතික සංවර්ධනයට දායකත්වය ලබා දිය හැකි ශක්තිමත් මානව සම්පතක් ගොඩනැගීම රජයේ බලාපොරොත්තුව වන බව සඳහන් කළා ය.

රජය ගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සිය සහාය ලබා දීමට කැමති බව ADB නිලධාරීන් මෙහිදී සඳහන් කළහ. මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම සඳහා තාක්ෂණික සහාය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ලබා දීම ට ඔවුන් ගේ සූදානම ද තහවුරු කළහ.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන්, තාක්ෂණික විශේෂඥයින් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සහභාගී වූහ.

WhatsApp Image 2026 03 04 at 5.01.05 PM

WhatsApp Image 2026 03 04 at 5.01.08 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න