Image

අගමැතිනිය ගේ ගමන් බිමන් නිරීක්ෂණය කළ තිදෙනකු රිමාන්ඩ්

අගමැතිනිය ගේ ගමන් බිමන් නිරීක්ෂණය කළ තිදෙනකු රිමාන්ඩ්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ පිහිටි හෝටලේකට (උත්සවයක් සඳහා) පැමිණෙන අවස්ථාවේ දුරදක්නයකින් (බයිනෝ එකක්) නිරීක්ෂණය කළ පුද්ගලයන් තිදෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.

කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනෙකු මෙලෙස බන්ධනාගාර ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොම්පඤ්ඤවීදිය පොලීසියට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේ ය.

සැකකරුවන් තිදෙනා ගෙන් දෙදෙනෙක් සහෝදරයින් වන අතර ඔවුන් කින්යා ප්‍රදේශයේ සහ මොල්ලි පතන ප්‍රදේශයේ පදිංචිකරුවන් යැයි පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න