මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය තුළ රටක් ලෙස අත්කර ගත් ප්‍රගතිය දැක අතිශයින්ම සතුටට පත්වන බවත්, තව දුරටත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දිරි ගැන්වීමට ඇති රෙගුලාසි ලිහිල් කර මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දිය හැකි ඉහළ ම උත්තේජක ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සමග එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා. VAT නිසා මේ කර්මාන්තය දුෂ්කරතා රැසකට මුහුණ දෙන නිසා ආනයන හා අපනයන පැත්තෙන් රෙගුලාසි ලිහිල් කර ලිබරල් ක්‍රමයක් කරා ගොස් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට අප රට පත් කළ යුතු යි. දැන්වත් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නීතිමය, රෙගුලාසිමය බාධා ඉවත් කර විධිමත් සංවර්ධනයක් සිදු කළ යුතු යි.

