අනේ උඹේ කෙහෙල්මල් ඩිජිටල්කරණය... | එරන්ද ගිනිගේ

අනේ උඹේ කෙහෙල්මල් ඩිජිටල්කරණය... | එරන්ද ගිනිගේ

ඩිජිටල් ආණ්ඩුකරණය කරන්නයි කථාව; නමුත් ගංවතුර එනවා කියලා මිනිස්සුන්ට අඩුම ගානේ SMS එකක් යවා ගන්න බැරි වුණා… අවදානම ගැන කිසිම දැනුම් දීමක් නොමැතිව තමන්ගේ නිවෙස් ඇතුළේ නිදාගෙන හිටිය දරුපවුල් තමන්ට වෙන්නේ මොකක්ද කියලා දැන ගන්න කලින් වතුරේ ගිලිලා, පස්වලට යට වෙලා, හුස්ම ගන්න බැරුව එහෙම ම මැරිලා ගියා. සිරුරු තාම හොයනවා. අනේ උඹේ කෙහෙල්මල් ඩිජිටල්කරණය තියලා වාඩි වෙයන්, හාන්ස්.

ඩයලොග් එකේ හිටපු ලොක්කා ගෝඨාභයගේ කාලේ ඉඳන් ම ලංකාව ඩිජිටල් කරනවා. නමුත් දවස් තුනක් යන කල් නුවර මිනිස්සු ජීවතුන් අතර ද, මළවුන් අතර ද කියලා දැන ගන්න බැරි වුණා. කිසිම දුරකථන ජාලයක් වැඩ කළේ නැහැ. ලංකාවේ තියෙන්නේ හද්ද පරණ හැත්තෑව අසූව දශකයේ තාක්ෂණ. රීලෝඩ් එකේ ඉඳලා ගසා කෑවට ඔය ගොබ්බ කොම්පැනි මේ රටේ තාක්ෂණය දියුණු කළේ නැහැ. ලංකාව කියන්නේ ගොබ්බයන්ගේ පාරාදීසයක්.

මහලොකුවට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ලා ඉන්නවා දසදහස් ගණනක්. පඳුරකට ගැහුවම විසි වෙනවා දහයක් දොළහක්. ඒ වුණාට හරි හමන් ආපදා අනතුරු ඇඟවීම් පද්ධතියක් තාම නැහැ. මොරටුව කැම්පස් එකේ උන් ලොරි ටෝක් පම්පෝරි ගහන්නේ ලෝකේ ඉන්න දක්ෂම පොරවල් වගේ. හදන්නේ විදුලි කාර්. නමුත් අපේ ජලාශවල දොරටු ඇරෙනවා කියලා තාම කියන්නේ විනාඩි දහයකට කලින් නළාවක් ගහලා… මොන විහිළු ද යකෝ මේ… උඹලගේ කයිය විතරයි.

සුනාමියෙන් පස්සේ එක්තරා සොෆ්ට්වෙයාර්කාරයෙක් හැදුවා කිව්වා Disaster & Emergency Warning Network කියලා එකක්. ඒක ගැන කයි ගහලා මිනිහා පිටරට ශිෂ්‍යත්වත් ගත්තා. නමුත් දැන් ඒක තියෙනවද නැද්ද නෑ… වසංගතයෙන් පස්සේ කරන්ට් කැපෙන දවස්වල මෑන්ස් ගෝල්ෆේස් ගිහිල්ලා කථා කළා ලංකාවේ IT sector එකට වෙන පාඩුව ගැන. මහලොකු IT sector එක! යකෝ, ලංකාවේ කිසිම IT system එකක් නැහැ. මුන්ට කරන්ට් දුන්නා කියලා කරපු ලබ්බකුත් නැහැ. පොර මාලිමාවට කඩේ ගිහිල්ලා ICTA එකේ ඩිරෙක්ටර් පට්ටමක් අරගෙන හිටියා අවුරුද්දක්. මොනවාද කරලා තියෙන්නේ? අඩුම ගානේ ඔය හැදුවයි කියන අනතුරු ඇඟවීම් ජාලයවත් ඇත්තට ම ස්ථාපිත කළා ද? නැහැනේ. නිකම් බොරුකාරයෝ.

අනුර කුමාර ඡන්දේ කාලේ කිව්වා මුහුදේ මාළු ඉන්න තැන් හොයලා ධීවරයන්ට ඒ ගැන තත්කාලයේ දැනුම් දෙන මෙවලමක් හදනවා කියලා. අවුරුද්දකට වැඩි කාලයක් ආණ්ඩු කරලා දැන් යන යන තැන නාහෙන් අඬනවා කියනවා දත්ත නැහැ කියලා. මොනවාද අයිසේ මේ කථා… කරන්න පුළුවන් දෙයක් කියපන්, සහෝදරයා. ලංකාවේ වැඩිපුර ඉන්නේ ඔයා වගේ ම කයියනායකලා. වැඩ බැහැ. නාමල් රාජපක්ෂත් ලොකු කථා කියනවා ඩිජිටල් ආර්ථිකයක් හදන හැටි. කෙරෙන වැඩ නෙවෙයි, කොල්ලෝ. කාලගුණය ගැන මෙච්චර දියුණු තාක්ෂණික මෙවලම් තියෙන යුගයේ අඩුම තරමින් SMS එකක් යවා ගන්න බැරි උන්ට මොන ඩිජිටල්කරණද! දිස් ඉස් පොලිටික්ස්.

(සටහන |එරන්ද ගිනිගේ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 දෙසැම්බර් 9

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න