අනුරාධපුර දිස්ත්‍රික්යේ ආපදාවට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය කෙරේ

අනුරාධපුර දිස්ත්‍රික්යේ ආපදාවට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (09) රාජාංගණය, වැවේ පන්සල අසදී පැවති අනුරාධපුර දිස්ත්‍රික්කයේ: රාජාංගනය, තලාව, නොච්චියාගම, මහවිලච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, මිහින්තලය, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදාන වැඩසටහනට සඳහා එක්විය.

මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ 'Rebuilding Sri Lanka' යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස ය.

ජනවරමේ අපේක්ෂා ඉටුකරන අතරම ව්‍යසනයෙන් පසු පැවතියාට වඩා හොඳ රටක් සහ ජන ජීවිතයක් ගොඩනගා දීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බවජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

එසේම, ජනතාවට හොඳ ජීවන තත්ත්වක් ලබා දීමට නම් හොඳ ආදායමක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ හොඳ නිවසක් මෙන්ම මානසික සුවය අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජය කැපවී සිටින බවත්, දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීම රජයේ අරමුණ බවත් ප්‍රකාශ කළේ ය.

wandi

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න