ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළෙහි තවත් එක් අදියරක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා ලද තීන්දුවක් අනුව ශ්‍රී ලංකාව පුරා ඇති සියලු ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික් බල මණ්ඩලය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (26) මෙම යාවත්කාලීන කිරීම සිදු කර ඇත්තේ පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙනි.
එහි දී කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පත්කර ඇති අතර, දිස්ත්‍රික් බලමණ්ඩල ලේකම් ලෙස කෝට්ටේ ආසන සංවිධායක, කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ද ,භාණ්ඩාගාරික ලෙස හෝමාගම සංවිධායක ඉසුරු අබේවර්ධන ද තෝරා පත් කර ඇත.
උප ලේකම්වරු ලෙස මොරටුව ආසනය සංවිධායක සුජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන සංවිධායක සමන් වෙරළුපිටිය යන අය ද කාරක සභාව සඳහා: රොෂාන් කොළඹගේ, තුෂාර සංජීව, මහින්ද බණ්ඩාර, අනුර අතුකෝරාල, දීපා එදිරිසිංහ සහ කුමාරී පතිරිගේ යන අය තොරා පත්කරගෙන ඇත.
මීට අමතරව අනුබද්ධ සංවිධාන සඳහා නිලධාරීන් ලෙස මතු සඳහන් අය පත් කර ඇත.
1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික්තරුණ සංවිධානය
2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් භික්ෂු සංවිධානය
3. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් වෛද්‍ය සංවිධානය
4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් ගුරු සංවිධානය
5. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් ගොවි පෙරමුණ
6. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් ශිෂ්‍ය පෙරමුණ
7. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් ධීවර හා ගෘහ කාර්මික සංවිධානය
8. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංස්කෘතික සංවිධානය
9. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් උපාධිධාරී සංගමය
10. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් වෘත්තීයවේදීන්ගේ සංවිධානය
යනාදි සංවිධාන සඳහා නිලධාරීන් පත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය අධ්‍යක්ෂ, පි. ඩබ්ලියු. ඩී. වැලිකල විසින් නිකුත්කළ නිවේදනයක මේ පිලිබඳ තොරතුරු සඳහන් වේ.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
