2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වෙයි.
මතීෂ පතිරණව මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්ය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් ඉන්දීය රුපියල් කෝටි 25.2කට කෙල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලට ගත් අතර ඒ අනුව අයි.පී.ඒල්. ඉතිහාසයේ විදෙස් ක්‍රීඩකයෙක් මෙතෙක් අලෙවි වූ ඉහළම වටිනාකම එය බවට පත්විය.
වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලට ලක්නව් කණ්ඩායම මිලට ගත්තේය. මහීෂ් තීක්ෂණ අලෙවි නොවීය.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙයි.
(ada.lk)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
